Header Ads

  • Breaking News

    අල්ලාහ් යනු ?


    මිනිසා ස්වභාවික උපතක්ද ? නැතහොත් මැවුම්කරු මිනිසාද ? විශ්ව ප්‍රරම්භයේ නිර්මාතෘ කව්රුන්ද?
    ඕනෑම ලෞකික වස්තුවක් බිහිවීම පසුපස බිහිකරන්නෙකු සිටිය යුතුය.මිනිසා පරිහරණය කරන සියලු භෞතික වස්තුන් පෙර පැවති හෝ පෙර පැවති දෙයින් නිෂ්පාදිත ඒවා බව පිළිගත යුතු යථාර්තයකි.
    මිනිසා විසින් නිර්මාණය කල හෝ නිපදවන ලද සියල්ල ඔහුගේ නිර්මාණයන් බව සැවොම එකහෙලාම පිළිගනිති.

    නමුත් මිනිසාගේ නිර්මාණයන්ට වඩා දහස් ගුණයකින් මනා සංකලනකින් හා ඇති සුක්ෂම ලෙස නිම වූ මෙම විශ්වය, මහා පොලොව හා එහි නිර්මිතව පවතින සියල්ල නිර්මාණයන් බව පිළිගැනීමට පසුබට වන ඔහු, එය ස්වභාවයෙන් අස්තිත්වයට පැමිණි බව තර්ක කිරීම කෙතරම් යථාර්ථවාදීද ?

    මිනිසාගේ ජිවිකවට අවශ්‍ය හැම අංගයකින්ම පරිසමාම්ත මෙම මහා පොලොව සැලසුම්සහගත ක්‍රියාදාමයකට යටත්ව භ්‍රමණය වන බව රහසක් නොවේ.කුඩා ජීව සෛලයේ පටන් ඉතා දියුණුව පවතින ජීව සෛලයේ සබැදියා තත්වය, පරමාණුවේ පටන් සමස්ත සුර්ය මණ්ඩල ග්‍රහයන්ගේ සමනුයෝගී ජාල බන්ධකයෙහි පවතින සබදියාවද අපුරුය.
    ලොව ඇති ජීවි - අජිවින්ගේ රුපිතය හා රුපය,මිනිසා හා ඔහුගේ මනා සංකලන ශාරීරික ස්නායු පද්ධතිය වැනි ඉහත කි සියල්ල ගැඹුරට අධ්‍යයන කිරීම තුලින් එහි පවතින විශ්මිත,අනුපමේය භාවය හා එහි මැවුම්කරුද හදුනා ගත හැකිය.

    සමුල විධ්‍යමානයන් අද්විතීය බව පවසන නවීන විද්‍යාව, මෙම අසමසම නිර්මාණයන්හි නිර්මාපකයනන්ද අනුපමේය විය යුතු අතර,ඔහුට යෙදෙන නාමයද හා සදොස් අර්ථ වලින් තොර අනාදේශ වුත් අසමසම වුත් නාමයක් විය යුතුය.


    මෙම අනන්තවත් විශ්වයේ අසහාය අධිපතිදුන් අරාබි භාෂාවෙන් "අල්ලාහ්" යනුවෙන් හදුන්වනු ලබයි.
    අරුත අනු අටකින් සමත්විත "අල්ලාහ්" යන මෙම උතුම් දේව නාමය බහුත්වයෙන් තොර ලිංගිකත්වයෙන් ස්වාධීනය.මෙම ආශ්චර්යජනක නාමයේ උච්චාරණ ස්වරය දෙපැත්තෙන් ඒකාකාර හදකින් සමත්විතය.තවද එහි ඇති අක්ෂර එකිනෙක ඉවත් කලද, අවසාන අක්ෂරය දක්වා එහි උච්චාරණ ස්වරය නොවෙනස්ව රැදී පවතී.
    විශ්ව නිර්මාතෘ හට "අල්ලාහ්" යන මෙම උතුම් දේව නාමයට සරිලන වෙනත් වචනයක් අන් කිසිදු භාෂාවක නොමැති බව ලොව විද්වතුන් පවා සාධක සහිතව සනාථ කර ඇත. එහෙයින් මෙම විශ්වයේ මැවුම්කරුට සරිලන එකම ධාර්මික එකම නාමය "අල්ලාහ්" හෙයින්,එම මාපකයාණන්ට පමණක් අවනත වන මුස්ලිම් සමාජය "අල්ලාහ්" යන නාමයෙන් ඔහු ආමන්ත්‍රණය කරති.


    Post Top Ad

    Post Bottom Ad