Header Ads

  • Breaking News

    මූලික විශ්වාසයන්

    ඉස්ලාම් යනු කුමක්ද?
    ඉස්ලාම් ධර්මය යනු, දෙවියන්වහන්සේගේ මගපෙන්වීම සම්පූර්ණයෙන්ම පිළිගැනීම සහ එයට කීකරු වීමයි. මෙම මගපෙන්වීම් දෙවියන්වහන්සේ විසින් ඔහුගේ අවසාන වක්තෘ මුහම්මද් තුමාණන්ට හෙළිදරව් කරන ලදී.






    ඉස්ලාමයෙහි මූලික විශ්වාසයන් 

    (1) දෙවියන්වහන්සේ පිළිබඳව විශ්වාස කිරීම
    මුස්ලිම්වරුන් විසින් ඒකීය, කිසිවෙකුටත් සමකළ නොහැකි, කිසිඳු දරුවෙකු හෝ සහකරුවෙකු නොමැති එකම දෙවියෙකු පිළිබඳව විශ්වාස කරන අතරම, ඔහු හැර අන් කිසිඳු කෙනෙකුට නැමදුම් ලැබීමේ වරප්‍රසාදය නොමැති බවද විශ්වාස කරති. සැබෑ දෙවියන් වන්නේ ඔහුම පමණක්ම වේ. ඔහුට ඉතාමත් උතුම් වූ නාමයන් ඇති අතර ඔහුට ඉතා උසස්, කිසිඳු අඩු ලූහුඩු කමකින් තොර වූ සර්ව සම්පූර්ණ ගුණාංගයන් ඇත. කිසිවෙකුත් ඔහුගේ දේවත්වයේ හෝ ගුණාංගවල හවුල් කරුවෙකු නොවේ. අල් කුර්ආනයෙහි අල්ලාහ් තමා පිළිබඳව මෙසේ විස්තර කරයි.


    "දෙවියන්වහන්සේ එක්කෙනෙකි. දෙවියන්වහන්සේ අවශ්‍යතාවයන්ගෙන් තොර වු කෙනෙකි. ඔහුට දාව කිසිකෙනෙකු ඉපදුනේ නැත. ඔහු කිසිවෙකුට දාව ඉපදුනේද නැත. තවද ඔහුට සමාන කිසිවෙකු නැත." (අල් කුර්ආනය 112:1-4)

    දෙවියන්වහන්සේව හැර අන් කිසිඳු අයෙකුව යැදීම හෝ අන් කිසිඳු අයෙකුට ආයාචනා කිරීම හෝ යාඥ කිරීම හෝ වන්දනාමාන කිරීමේ කිසිඳු ක්‍රියාවලියකට බඳුන්වීමට කිසිඳු හිමිකමක් නොමැති අතර එම හිමිකම ඇත්තේ දෙවියන්වහන්සේට පමණි. සර්වබලධාරී වන්නේත්, මැවුම්කරුවාණන් වන්නේත්, පරමාධිපති වන්නේත් දෙවියන්වහන්සේම පමණක්ම වන අතර සකළ විශ්වයෙහිම පෝෂකයාණන් වන්නේද ඔහුමය. ඔහු සියලූම දෑ පාලනය කරයි.

    දෙවියන් යනු ත්‍රිත්වයක් නොවන බවට දෙවියනවහන්සේ අල් කුර්ආනයෙහි මෙසේ පවසා ඇත.

    නියතවශයෙන්ම දෙවියන්වහන්සේ තිදෙනාගෙන් තුන්වැන්නා යැයි කිවූ අය සැබැවින්ම විශ්වාසවන්තයින් වේ. එකම දෙවියෙකු හැර වෙනත් දෙවියන් නැත. ඔවුන් කියන දෙයින් ඔවුන් නොවැළකුණහොත් ඔවුන්ගෙන් අවිශ්වාසවන්තයින්ට වේදනීය දඩුවම් ලැඛෙනු ඇත. එබැවින් ඔවුන් දෙවියන්වහන්සේ වෙත හැරී ඔවුහු (කළ පාපයන්ට) පසුතැවිලි වී ඔහුගෙන් සමාව ඇයදිය යුතු නොවේද? දෙවියන්වහන්සේ ඛෙහෙවින් ක්‍ෂමාශිලිය.අසීමිත කරුණාවන්තය. මරියම්ගේ පුත් මසීහ් වක්තෘවරයෙකු මිස (වෙන කෙනෙකු) නොවීය. (අල් කුර්ආනය 5: 73-75)

    මැවීමෙහි සත්වන දිනයේදී දෙවියන් විවේක ගැනීම, මනුෂ්‍ය වර්ගයාට එරෙහිව ඊර්ෂ්‍යා සහගත කුමන්ත්‍රණයක් සිදු කළ තම දේව දූතයෙකු සමග දෙවියන් පොර බැදීම හෝ දෙවියන් ඕනෑම මනුෂ්‍යයෙකු තුළ ජීවමානව වැඩ සිටීම යනාදිය ඉස්ලාමය ප්‍රතික්ෂේප කරයි. එසේම, දෙවියන්වහන්සේට කිසිඳු ආකාරයක මනුෂ්‍ය ස්වරූපයක් ආරෝපණය කිරීමද ඉස්ලාමය ප්‍රතික්ෂේප කරයි. මේ සියලූම දේ දෙවියන්වහන්සේට අවමන් කිරීම් ලෙස සැලකේ. දෙවියන්වහන්සේ ඉතා උත්කෘෂ්ඨය. ඔහු සියලූම ආකාරයේ අසම්පූර්ණතාවයන්ගෙන් තොර වූවකි. ඔහු කිසිඳු දිනක වෙහෙසට පත් නොවේ. ඔහු කෙදිනක වත් නිදිබර වන්නේද නිදන්නේද නැත.

    "අල්ලාහ්" නම් අරාබි වචනයෙහි අර්ථය දෙවියන්වහන්සේ (සකළ විශ්වයම මවන ලද එකම හා සත්‍ය වූ දෙවියන්වහන්සේ) යන්නයි. මෙම 'අල්ලාහ්' නම් අරාබි වචනය අරාබි භාෂාව කථා කරන්නන් අතර අරාබි මුස්ලිම්වරුන් සේම අරාබි ක්‍රිස්තියානි භක්තිකයන්ද දෙවියන්වහන්සේව අමතන ආකාරයයි. මෙම වචනය ඒකීය වූ හා සත්‍ය වූ දෙවියන්වහන්සේගේ නාමයක් ලෙස මිස අන් කිසිවක් නම් කීරීමට යොදා ගත නොහැක. 'අල්ලාහ්' නම් වචනය අල් කුර්ආනයෙහි 2150 වාරයකටත් වඩා වැඩි වාර ගණනක් සඳහන්ව පවතී. අරාබි භාෂාවට බොහෝ දුරට සමානතා සහිත එසේම, ක්‍රිස්තුස් වහන්සේ පුරුද්දක් ලෙස කථා කරන ලද ඇරමෙයික් නම් භාෂාවේද දෙවියන්වහන්සේව අල්ලාහ් යනුවෙන් හඳුන්වා ඇත.



    (2) සුරදූතයන් පිළිබඳව විශ්වාස කිරීම.
    සුරදූතයන්ගේ පැවැත්ම සත්‍ය බවත්, ඔවුන් උතුම් වූ මැවීමක් බවත්, මුස්ලිම් භක්තිකයින් විශ්වාසය වේ. සුරදූතයන් දෙවියන්වහන්සේව පමණක් නමදිති. දෙවියන්වහන්සේට කීකරු වෙති. එසේම දෙවියන්වහන්සේගේ අණ අනුව පමණක් ක්‍රියා කරති. මුහම්මද් (සල්) තුමාණන් කරා අල් කුර්ආනය රැගෙන ආ ජිබ්රීල් (ග්‍රේබියල්) ද සුරදූතයන්ගෙන් කෙනෙකි.


    (3) දෙවියන්වහන්සේ විසින් හෙළි දරව් කරන ලද පුස්තකයන් පිළිබඳව විශ්වාස කිරීම.
    දෙවියන්වහන්සේ විසින් මිනිසාට මග පෙන්වීමක් ලෙස හා මිනිස් වර්ගයාට ලබාදුන් සාධකයක් ලෙස මෙම පුස්තකයන් ඔහුගේ පණිවුඩකරුවන්ට ලබා දුන් බව මුස්ලිම් භක්තිකයින් විශ්වාස කරයි. මෙම පුස්ථකයන් අතර, දෙවියන්වහන්සේ විසින් තම වක්තෘවරයෙකු වන මුහම්මද් තුමාණන්ට හෙළිදරව් කරන ලද කුර්ආනයද වෙයි. අල් කුර්ආනය කිසිඳු වෙනස් කමක් කිරීමකට හෝ කිසිඳු විකෘති වීමකට ලක් නොවී ආරක්ෂා කරන බවට දෙවියන්වහන්සේ විසින් සහතික වී ඇත. දෙවියන්වහන්සේ පවසා ඇති ආකාරයට,
    අපමය මෙම අල් කුර්ආනය (ධර්මෝපදේශය) පහළ කළේ. තවද එය ආරක්ෂා කරන්නේද අපමය. (අල් කුර්ආනය 15:9)

    (4) දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවන් සහ වක්තෘවරුන් පිළිබඳව විශ්වාස කිරීම
    ආදම්ගෙන් ආරම්භ වී, නෝවාද(නූහ්) ඇතුළුව ආබ්රහම්(ඉබ්රාහීම්), ඉෂ්මයිල් (ඉස්මයිල් ), අයිසැක් (ඊස්හාක්), ජෙකොබ් (යාකුබ්), මෝසස්(මූසා) හා යේසුස්(ඊසා) (ඔවුන් හට සාමය අත් වේවා) වැනි වූ වක්තෘවරුන් සහ දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවන් ගැන මුස්ලිම්වරුන් ගේ විශ්වාසයයි . නමුත් දෙවියන්වහන්සේගේන් මිනිසාට ලැබුණ අවසාන පණිවුඩය එනම් සදාකාලික වූ පණිවිඩය නැවතත් සහතික කිරීමක් ලෙස වක්තෘ මුහම්මද් (සල්) තුමාණන්ට හෙළිදරව් කරන ලදි. මුහම්මද් (සල්) තුමාණන් යනු දෙවියන්වහන්සේ විසින් එවන ලද අවසාන වක්තෘවරයා යැයි දෙවියන්වහන්සේ පවසා ඇති ආකාරයටම මුස්ලිම්වරුන් විශ්වාස කරති.
    මුහම්මද් නුඹලාගේ කිසිවෙකුගේ පියා නොවේ. ඔහු දෙවියන්වහන්සේගේ වක්තෘවරයා වේ. තවද ඔහු වක්තෘවරුන්ගෙන් අවසාන වක්තෘවරයා වේ.(අල් කුර්ආනය 33:40)
    සියලූම ධර්මදූතයන් හා වක්තෘවරුන් මවනු ලැබූ මනුෂ්‍යයන් බවත්, ඔවුන් කිසිවෙකුටත් දෙවියන්වහන්සේ සතු දිව්‍යමය ගුණාංගයන් කිසිවක් පිහිටා නොමැති බවත් මුස්ලිම්වරුන් විශ්වාස කරති.

    (5) විනිශ්චය දිනය ගැන විශ්වාස කිරීම
    මිනිසුන්ගේ විශ්වාසයන්ට හා ක්‍රියාවන්ට අනුව දෙවියන්වහන්සේගේ විනිශ්චය ලබා දීම සඳහා ඔවුන්ව මළවුන්ගෙන් නැගිටවනු ලබන විනිශ්චය දිනය (මළවුන්ගෙන් නැගිටවනු ලබන දිනය) පිළිබඳව මුස්ලිම් වරුන් විශ්වාස කරති.

    (6) අල් - කදර් පිළිබඳව විශ්වාස කිරීම
    මුස්ලිම් භක්තිකයින් අල්කදර් පිළිබඳව විශ්වාස කරති. එනම්, දෙවියන්වහන්සේ විසින් කලින් නියම කළ පරිදි දෛවයෙන් නියම වූ ආකාරයට සියලූම දේ සිදු වන බවයි. මෙයින් අදහස් වන්නේ මිනිසාට තනි කැමැත්තකින් කිසිවක් කළ නොහැකි බව නොවේ එනම් දෙවියන්වහන්සේ විසින් මිනිසාට ස්ව කැමැත්ත සඳහා ඉඩ දී ඇති බවත් ඔවුනට නිවැරදි හෝ වැරදි දෑ තෝරා ගත හැකි අතර ඔවුන්ගේ තේරීමට ඔවුන් වග කිව යුතු බවත්, මුස්ලිම්වරුන් විශ්වාස කරති.

    දෙවියන්වහන්සේගේ පෙර නියමයන්ට අනුව සියල්ල සිදු වන බව විශ්වාස කිරීම යන්නට කරුණු හතරක් අඩංගු වෙයි. 

    (1) දෙවියන්වහන්සේ සියල්ල දනී. සිදු වූයේ කුමක්ද යන්නත් ඔහු දනී.
    (2) සිදු වී අවසන් වූ සියලූ දේද, සිදුවන්නට යන සියලූ දේද, දෙවියන්වහන්සේ සටහන් කර ඇත.
    (3) දෙවියන්වහන්සේ විසින් සිදු විය යුතු යැයි සිතන්නේ කුමක්ද, එය සිදු වෙයි. ඔහු සිදු විය යුතු නොවේ යැයි සිතන කිසිවක් සිදු නොවෙයි.
    (4) දෙවියන්වහන්සේ යනු සියලූම දෑහි මැවුම් කරුවාය.

    Post Top Ad

    Post Bottom Ad