Header Ads

  • Breaking News

    තව්රාත් ආගම -1

    ආදම්(අලෛ) තුමා පටන් නොයෙකුත් නබිවරුන් ලොව පහල කල අල්ලාහ්තාල ජනතාවට යහමග පෙන්වීම සදහාත්, තමාගේ දේවත්වය උදෙසාත් ,හොද නරක පෙන්වා දීම සදහාත් මුසා නබි තුමාණන් නබි වරයෙකු ලෙස ඉශ්‍රාලයේ පහල කළේය එම ජනතාවගේ නුවනට ඔබිනසේ හාස්කම් අදින් යුත් තමාගේ රිසලත් (දුත මෙහෙය ) පරිපුර්ණ කළේය.නමුත් එතුමන්ගේ අභාවයෙන් පසු එම ආගම යථාර්තයෙන් වෙනස් විය.එහි අදහස් වෙනස් කරන ලදී.පුජක වරුන් විසින් නව අදහස් ඇතුලත් කරන ලදී. එය නව ස්වරූපයකින් ලියන ලදී.අල්ලාහ්තආලගේ හා ජනතාවගේ අදහස් මිශ්‍ර වී තේරුම් ගත නොහැකි අන්දමේ ව්‍යාකුල තත්වයකට එය පත් විය. ක්‍රි: පු 6 වන ශත වර්ෂයේදී "බයිතුල් මුකද්දස් " හානියට පත් කළ අවස්ථාවේ සත්‍ය තව්රාත් විනාශ වී ගියේය. ක්‍රි:පු 5 වන ශත වර්ෂයේදී ඉශ්‍රලය බැබිලෝනියාවේ නිදහස ලැබූ විට මුසා (අලෛ) තුමනන්ගේ ඉතිහාසය හා ඉශ්‍රාලයේ ඉතිහාසය එක්රැස් කරන ලදී.එවිට තමාට ලැබුණු දේවල් තව්රාත් හි වචනය යැයි සිතා රැස් කර ගත්හ.ක්‍රි:පු 4 හා ක්‍රි:පු 2 වන ශත වර්ෂය යන කාලය තුල "ආගම" යන නමින් නිබන්ධනයක් සමහරක් කරන ලදී.ක්‍රි:පු 2 වන සියවසේදී ඉතිරව තිබු සටහන් පත් වල ආශ්‍රයෙන් " හිබ්රු " භාෂාවෙන් එය ලියන ලදී.නමුත් එය මුසා (අලෛ) තුමාණන් දේශනා කළ "තව්රාත් " නොවිය.


    Post Top Ad

    Post Bottom Ad