හජ් කර්තව්‍යයේ කළුනු හා (වජිබාත්) අනිවාර්ය කොටස්
හජ් කර්තව්‍යයේ (අර්කාන්) කළුනුඃ-
අර්කාන් වනාහී එම හජ් කර්තව්‍ය වලංගූවීමට/සම්පූර්නවීමට කලයුතූ යුතූකම්ය.
- නියත් සමග ඉහ්රාම්
- අරෆාහි සිටගෙන සිටීම
- තවාෆ් අල් ඉෆාදා (හජ්හි තවාෆය) ඉටුකිරීම
- හජ් සඳහා සඊ ඉටුකිරීම
හජ් කර්තව්‍යයේ (වජිබාත්) අනිවාර්ය කොටස් :-
හජ් කර්තව්‍යයේ වජිබාත් වනාහී මෙම යුතූකම් වලින් එකක් හෝ මඟහැරුනේනම් වන්දනාකරුවෙක්, එ වෙනුනේ ෆිද්යාවක් (ප්‍රායශ්චිත්තයක)දියයුතූය. මෙයට දම් යනුවෙන්ද හැදින්වේ. විද්වතූන්ගේ අදහස නම් මෙම යුතූකම් ඕනෑකමින් අතහරියේ නම් එම හජ්ය සම්පූර්න නොවේ.
- මීකාතයේ ඉහ්රාම් සිදුකිරීම.
- අරෆාහි ඉර බැසයන කල් සිටීම.
- මුස්දලිෆාහි රාත්‍රි කාලය (නැතිනම් ඉන් කොටසක් හො) ගතකිරීම.
- ජමරාත්වල රමි ඉටුකිරීම (ගල් ගැසීම). (දුල් හජ් 10 වෙනි දින ජමරතූල් අකබහ්ටද, 11 සහ 12 වෙනි දින්හී කූලුනු තූනටමද ගල් ගැසිය යුතූය්. 13 වෙනි දින ගල් ගැසීම වෛකල්පිතය.)
- හිස බූගෑම නැතහොත් කොටකර කැපීම.
- තශ්රීක් රාත්‍රියන් මිනාහි ගතකිරීම. 11 සහ 12 වෙනි දින් රැදීසිටීම අනිවාර්ය වේ. 13 වෙනි දින රැදීසිටීම වෛකල්පිතය.
- තවාෆ් අල් වදා ඉටුකිරීම.

