Header Ads

  • Breaking News

    අල් කුර්ආනයේ සඳහන් විද්‍යාත්මක ප්‍රාතිහාර්යයන්






    අල් කුර්ආනය යනු දෙවියන්වහන්සේගේ සත්‍ය වදන්ය.ජිබ්රීල් සුරදූතයා මඟින් මෙම වදන් වක්තෘ හම්මද් (සල්)තුමා හට අනාවරණය කරන ලදී. එය මුහම්මද්(සල්) තුමා විසින් වනපොත් කරගෙන, ඔහුගේ අනුගාමිකයින්ට එය ලියා ගැනීම පිණිස කියවන ලදී. ඔවුන් එය පිළිවෙළින් මතක තබා ගෙන විවිධ අන්දමින් සටහන් කර ගෙන, ඒවා මුහම්මද් (සල්) තුමා සමඟ සමාලෝචනය කර ඇත.එපමණක් නොව මෙම කුර්ආනය මුහම්මද් (සල්) තුමාද ,ජිබ්රීල් සුරදූතයා ඉදිරියේ සෑම වසරක් පාසාම පාරායනය කර ඇති අතර එතුමාගේ ජීවිතයේ අවසාන වසරේදී එය දෙවතාවක් පාරායනය කර නිවැරදිතාවය තහවුරු කරගෙන ඇත.කුර්ආනය ලොවට පහළ වූ දා සිට මේ වන තුරු එහි සෑම අකුරක් පාසාම කට පාඩම් කරගත් මුස්ලිම්වරුන් විශාල සංඛ්‍යාවක් මෙලොව තුළ සිටී. ඒ අතරේ වයස අවුරුදු දහයක් තරම් කුඩා දරුවන් පවා සිටී. එලෙස ශතවර්ෂ ගණනාවක් පසු කළත් අල් කුර්ආනය එකම අකුරක්වත් නොවැරදී, නොවෙනස්ව ඒ අයුරින්ම පවතී.




    ශුද්ධ වූ අල-කුර්ආනයේ සත්‍ය ජායාරුපය 



    දැනට සියවස් දහ හතරකට පෙර අනාවරණය කළ කුර්ආනයේ සඳහන් සමහර තොරතුරු විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත්තේ ඉතාමත් මෑතකදිය. මේ සොයාගැනීම් මඟින් විද්‍යාමාන වන්නේ කුර්ආනය යනු සත්‍යවශයෙන්ම දෙවියන්වහන්සේගේ වදන් බවත්, එය වක්තෘ මුහම්මද් (සල්) තුමා වෙතට පහළ කළ බවත් එවැනි ග්‍රන්ථයක් රචනා කිරීමට තරම් ඥාණයක් එතුමාට නොතිබුණ හෙයින් එහි කතෘ නොවන බවට ද එතුමා සත්‍යවශයෙන්ම දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවා විය යන්නට හොඳම සාක්ෂිය විය.

    Post Top Ad

    Post Bottom Ad