මේ අපගේ රටයි-ශ්‍රී ලංකාව නැවත ගොඩ නගමු
අප මේ රටේ පුරවැසියන් වෙමු.එය අප දන්නා නමුත් ඒ පිළිබද අප එතරම් ගණන් ගන්නේ නැත."රටට හෙන වැදුනත් අපට නම් කම් නැත " මෙසේයි අද බොහෝ දෙන ජිවත් වන්නේ.පාලකයින්ගේ සිට සාමාන්‍ය කම්කරුවා දක්වා කෙසේ තම මදිය තර කර ගන්න වෙර දරති.රට විකුණා හෝ තම අවශ්‍යතාවය සපුරාගැනීමට අද බොහෝ දෙනෙක් සුදානම්ව සිටිති.
මුස්ලිම් වරුන් වන අප මෙරටේ සුළු ජාතිකයින් වශයෙන් ජිවත් වන්නෙමු.අප සුළු ජාතිකයින් වුවත් අප ඉපදුනේ මෙරටෙමය.මෙරටට යම් අනතුරක් සිදු වුවහොත් එයට අපද වගකිව යුතුය.එහෙත් මේ සම්බන්දව සිත බලන පිරිස ඉතා ස්වල්පය.
මෙය බෞද්ධ රටක් යනුවෙන් කව්රු කිව්වත් මෙරට ගැන අපටද කැක්කුමක් තිබිය යුතුය.රටේ අනාගතය පිලිබදව අපට දැක්මක් තිබිය යුතුය.අපෙන් සහජීවනයක් ඇති වුවහොත් එයට නියමිත වූ ආනිසංස අනිවාර්යයෙන්ම මතුලොව අපට ලැබෙනු ඇත.අප කවදාවත් සමාජයෙන් වෙන් වී හෝ දුරස් වී ජිවත් විය යුතු නැත.එසේ ජිවත් වන ලෙසට ඉස්ලාම් අපට කවදාවත් උගන්වා නොමැත.අප සම විටම සමාජගත විය යුතුය.සමාජ ප්‍රශ්න වලට සම්බන්ධ විය යුතුය.අපගේ අවාසනාවට මෙන් බෞද්ධයන් ඔවුන්ගේ ප්‍රශ්න වලටද, මුස්ලිම්වරු ඔවුන්ගේ ප්‍රශ්න වලටද පමණයි මැදිහත් වෙන්නේ.මෙවැනි බෙදීමක් අප අතරට ගෙන අවේ කව්ද? අයි අප, අපේ ආගම, අපේ ජනතාව ගැන පමණක් සිතන්නේ?
ප්‍රංශයේ තරමක් දුරට මුස්ලිම්වරුන්ගේ ගෞරවය රැක ගත්තේ කාලයක් එම රටේ පාපන්දු කණ්ඩායමේ සිටි මුස්ලිම් ක්‍රිඩකයන්ය.තම සමාජයේ ප්‍රතිශතයට වඩා රටේ පාපන්දු කණ්ඩායමේ නියෝජනය කල මුස්ලිම් වරු අධිකය.ඔවුන් ජාත්‍යන්තර තරග වල දක්ෂ ලෙස ක්‍රීඩා කර එරටට ගෞරවයක් දිනා දුන්හ.මෙම ක්‍රියාවලිය එරටේ මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක වූ බලවේගයන් වලට යම් ප්‍රතිප්‍රරහාරයක් බදු විය.
1994 වර්ෂයේ රුවන්ඩාවේ 12% ක් මුස්ලිම් වරු සිටියහ.අද එම ප්‍රතිශතය 14% බවට පත්ව ඇත.එරටේ හුටු (HUTU) ටුට්සි (TUTSI) යන ජාතිකයින් තමන් අතරේ ගහ මරා ගත්හ.මෙනිසා එරටේ ලක්ෂ 8 ක පිරිසක් ජිවිතක්ෂයට පත් වුහ.මෙහි අධික කලහකාරී බවක් දැක්වුයේ හුටු ජාතිකයින්ය.එහෙත් එම ජාතියේම මුස්ලිම් වරු මෙම ගැටුම සමනය කිරීමට පියවර ගත්හ.එපමණක් නොව ගැටුම පවතී සමයේ මුස්ලිම් මස්ජිද වලින් අහිංසක ජනතාව බේරාගැනීම සදහා නොයෙකුත් ක්‍රියාමාර්ග යෙදුහ.
ඇමෙරිකාවේ ප්‍රාන්තයක මත්ද්‍රව්‍ය කරුවන්ගේ සැරිසැරීම අධික විය.මේ සදහා එරට පොලිසිය නොයෙකුත් උපක්‍රම යෙදුවත් එයට තිතක් තිබීමට නොහැකි විය.එහෙත් එම ප්‍රාන්තයේ ඉමාම් වරයා ඒ සදහා නියම ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේය.සිකුරාදා නැමදුමෙන් පසු එම පල්ලියේ ඉමාම් වරයාගේ නායකත්වයෙන් පල්ලියේ සිටි පිරිස කැටුව මත්ද්‍රවය ජාවාරම් කරුවන් රැදී සිටි ස්ථානය වැටලුවේය.මෙම සිදුවීම ඇමෙරිකානු මාධ්‍ය වලින් ඉතාමත් ප්‍රචලිත විය.
වර්ෂ කිහිපයකට පෙර ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ බුමි කම්පාවක් හට ගත්තේය.එහිදී මුස්ලිම් වරුන්ට මෙන්ම,හින්දු අගමිකයින්ටද බරපතල හානි සිදු විය.මේ වෙනුවෙන් මුස්ලිම් තරුණ පිරිසක් එක්වී ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ජනතාවගේ හිත දිනා ගත්හ.මෙහි ප්‍රතිපලයක් ලෙස මුස්ලිම් වරුන්ගෙන් අත්වි සිටි අන්‍ය ආගමිකයින් මුස්ලිම් වරුන් සමග සහජීවනයෙන් කටයුතු කළහ.
ලංකාවේද ඇතැම් සංවිදාන අන්‍ය ආගම අතර යම් යම් වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරයි.එසේම මේ සදහා වැඩි දායකත්වයක් දැක්විය හැක්කේ ඒ ප්‍රදේශවල පිහිටි පුජ්‍ය ස්ථාන මගිනි.අද මෙම ක්‍රියාවලිය ඇතැමුන් ක්‍රියාත්මක කලද සමස්තයක් වශයෙන් මෙය සිදු කරන්නේ සුළු පිරිසකි.දුකට කරුණක් වන්නේ මුස්ලිම් මස්ජිද වලින් මෙයට කැපී පෙනෙන දායකත්වයක් නොදැක්වීමයි.ප්‍රදේශයේ පවුල් ප්‍රශ්න සිට ජාතික ප්‍රශ්නය දක්වාම සර්ව ආගමික පුජයස්ථාන සංවිදනත්මකව මැදිහත් විය යුතුය.එහෙත් එය ජාති භේදයක් නොවිය යුතුය.
මුස්ලිම්වරුන්ට මෙහි සුවිශේෂ වගකීමක් ඇත.අපගේ ප්‍රශ්න වලට පමණක් පිළිතුරු නොසොයා සමාජයේ ප්‍රශ්න වලටත් මුස්ලිම්වරුන් අප පිළිතුරු සෙවිය යුතුය.මෙහිදී මුස්ලිම්,බෞද්ධ,ක්‍රිස්තියානි,හින්දු යන්නෙන් විවිධත්වයක් නොතිබිය යුතුය.
ඉස්ලාමයට අනුව අල්ලාහ් තආලගේ මැවීම් වලට ඉටු කල යුතු යුතුකම් තිබේ.එයට අරාබියෙන් "හුකුකුල් ඉබදා " යනුවෙන් හදුන්වමු.මුස්ලිම් වරුන් මුස්ලිම්වරයෙකුට ඉටු කල යුතු යුතුකම් වගේම මුස්ලිම් වරුන් අන්‍ය ආගමිකයින්ට නැතහොත් සමාජයට ඉටු කල යුතු යුතුකම්ද ඉස්ලාමය අපට උගන්වයි.
නබි (සල් ) තුමාට නබිත්වය ලැබීමට පෙර එතුමා විසින් මක්කාහ්වේ "හිල්ෆුල් ෆුලුල් " යන්නෙන් කමිටුවක් පිහිටුවා සමාජයට ඇති වන දුෂ්කරතා,ගැටළු සියල්ල නිරාකරණය කළේය.උදාහරණයක් ලෙස පිටස්තරයෙන් පැමිණෙන වෙලදුන්ගෙන් මක්කාහ් වසින් භාණ්ඩ මිලදී ගෙන මුදල් නොගේවමින් සිටියේය.මේ නිසා වෙළදුන්ට අසාධාරණයක් සිදු විය.එවිට මෙම කමිටුවෙන් එම වෙළදුන්ට සාධාරණයක් ඉටු කළේය.මෙහිදී නබි (සල් )තුමා පක්ෂපාතිව කටයුතු කලේ නැත.
එමනිසා අප මනුෂයන් වශයෙන් ඕනෑම ආගමක් ඇදහුවත්,සමාජයේ තිබෙන සුදුව,දුරාචාරය,ජාති භේදය,දුෂණය,වංචාව යන සියල්ල වෙනුවෙන් එකාමෙන් හඩ නැගිය යුතුය.අප කටත් බිය විය යුතු නැත.අප හඩ නගන්නේ අසාධාරණය වෙනුවෙනි.
මේ රට මගේ රට....
ම ඉපදුනු රට...
හැදුනු වැදුණු රට.....
මගේම මව් රට............
යන්නෙන් ගයන කලට පමණක් මදි.මගේ රටේ තිබෙන අසාධාරණයන් වෙනුවෙන් නැගී සිටිය යුතුය.
මුස්ලිම් වරුන් ඇත අතීතයේ සිට අදවන තුරු කිසිදාක ලංකාවට කැළලක් ඇති කර නොමැත.අතීතයේදී පවා රජවරුන් විශ්වාසවන්ත භාවය හේතුවෙන් මුස්ලිම් වරුන්ට රාජ්‍ය දේපල පවා පරිත්‍යාග කර ඇත.රටේ නිදහස වෙනුවෙන්ද මුස්ලිම් වරුන් මැදිහත් වී ඇත.සිංහල සාහිත්‍යයට පවා මුස්ලිම් වරු ඇල්මක් දක්වන බව නොරහසක්.මේ සියල්ල අප උදාහරණයට ගත යුත්තේ අපේකමට නොව රටේ සුභ සිද්ධිය උදෙසාය.ඕනෑම කෙනෙක් සමාජ මෙහෙවරක් කරන්නේ නම්, ඒ වෙනුවෙන් අන්‍ය අගමිකයින්ටද යම් මැදිහත් වීමක් ලබා දිය යුතුය.එහෙත් කිනම් දෙයක් සමාජයට එල්ල කරන්නේද එයට එරෙහිව නැගී සිටින්න.
මුහම්මත් (නබි ) තුමාද අවශ්‍යතාවයට අනුව අන්‍ය අගමිකයින්ගෙන් උපකාර ලබා ගත්තේය.මේ සම්බන්ධව උදාහරණ රාශියක් තිබේ.

ශ්‍රී ලංකා වාසි සියලු දෙන රටට හෝ රටේ ජිවත් වන ජනතාවට උවදුරක් ඇති වුවහොත් එකාමෙන් නැගී සිට ඒ වෙනුවෙන් පිළියම් යොදමු.ජාති භේද අමතක කරමු.අප සැබෑ මනුෂ්‍යයන් වෙමු.අපේ රටවන ශ්‍රී ලංකාව නැවත ගොඩ නගමු.