අසරණයින්ට පිහිට වෙමු.
අසරණයින්ට පිහිට වීම ඉස්ලාම් දහමේ පංච මහා ප්‍රතිපත්ති වලින් තුන් වැනි ප්‍රතිපත්තිය වේ.එය සකාත් නම් අසරණ බද්දයි. අල් -කුර් අන්හි සටන 82 ක මේ බව සදහන් වෙයි. අල්ලාහ් මෙසේ පවසයි.
"නබිවරයණෙනි, ඔබ කියන්න තවද කිසිවක් රන්,රිදී රැස්කර ගනිමින් එය අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් නොකොට සිටීද ඔවුනට හිරිහැර කරන වේදනා ඇති වන්නේය. (රන්,රිදී යනාදිය)නිරයේ ගින්දර වලින් රත් කොට ඔවුන්ගේ නලලේහිත්, අලපතෙහිත්, පිටහිත් තබා ඔබ සදහා ඔබ රැස්කළ ඇති දේ මෙය වේ. " යැයි පවසනු ලැබේ. "තවද ප්‍රමාණය ඉක්මවා තබා ඇති රන් භාණ්ඩ අපායේ ගින්නෙන් පලදවනු ලැබේ."
එමෙන්ම සකාත් වජිබ් (අනිවාර්ය )වස්තුන් පහක් වෙනුවෙන් නියමිත සකාත් අනුපාතය වාර්ෂිකව දුප්පතුන්ට දීම ඉස්ලාමය අනිවාර්ය කර ඇත.
ඉස්ලාමය සධකා නම් දාන පරිත්‍යාග ක්‍රමයක් හදුන්වා දී ඇත.
"කෙනෙක් පැළෑටි වගා කලත් ,කුඹුරේ වගා කලත් (ප්‍රතිපලයන්)පක්ෂීන්,සතුන් ,මිනිසුන් ආහාර ලබා ගන්නේ නම්, එය ඔහුගේ දාන පරිත්‍යාගය දැනගෙන කරන්නන් වෙත මාද ඔබට දෙන්නෙමි. "යැයි අල්ලාහ් පවසයි.
දාන පරිත්‍යාග ක්‍රියා අල්ලාහ් තෘප්තියට පත් කරයි. පරිත්‍යාගයන්ගෙන් උතුම් පරිත්‍යාග කුමක්ද යන්න නබි තුමානන්ගෙන් අසු විට "දුගීන්ට ආහාර ප්‍රධානය කිරීම ශ්‍රේෂ්ඨ" යැයි පැවසුවේය. "පළමුව නෑදෑයින්ට ප්‍රධානය කරන ලෙස පැවසුහ. ඔබ ශරීර සෞඛ්‍යයෙන් සිටින විටත් ධනවත්ව සිටින විටත්, ධාන පරිත්‍යාග කරන්න. මරණය ලං වන විට කල හැකි යැයි කල් නොතබන්න."
කෙනෙක් නබි තුමාණන් ලගට පැමිණ "නබි තුමනි ,මගේ මෑණියන් අභාවයට පත් විය. දාන පරිත්‍යාගයන් කලේ නම් එතුමියට ලැබේ දැයි " ඇසිය.කාන්තාරයේ වැසියෙක් වූ ඔහුට ජලය ප්‍රධානය කිරීම උතුම් යැයි පැවසුහ. පරිත්‍යාග කරන්න ඉක්මන් වන්න. එය දුක ඉවත් කරයි.අශ්වයාගේ පිටේ පැමිණියත් ඔහුට යමක් දෙන්න.වරක් නබි තුමාණෝ මෙසේ පැවසුහ.
"යාචකයෙක් ඔබේ දොරකඩ පැමිණ යමක් ඉල්ලු විට ප්‍රථමයෙන්ම අල්ලාහ්ට ස්තුති කරන්න.කුසලක් කිරීමේ අවස්ථාවක් ලබා දීම ගැන.උදව් කිරීමට හැකියාව තිබියදී යම් දෙයක් නොදී නැත යන වචනය ප්‍රකාශය නොකරන්න.යමක් ඔබ පවසන විට මලයිකවරු ආමින් කියන අවසථා ඇත.නැත යන වදනයට ආමින් යන ප්‍රකාශය සිදු වුයේ නම්,ඔබේ සියලු සම්පත් නැති වී යනු ඇත. "
තවත් විටක නබි නායක තුමාණෝ මෙසේ පැවසුහ. යමෙක් ඔබෙන් උදව් ඉල්ලු විට එම තැනැත්තාගේ ස්ථානයේ සිට උපකාර කරන්න.මෙය අප අත්දුටුවෙමු.සුනාමි ව්‍යවසනය,භුමි කම්පා,ජල ගැලීම් වැනි අවස්ථාවන්හි ධනවතුන් අසරණයන් බවට පත් වන අන්දම.
"කන්දට වඩා කදු බිදවන යකඩ බලවත්ය.යකඩ දියකර වන ගින්න ඊට වඩා බලවත්ය.ගින්න නිවන ජලය ඊට වඩා බලවත්ය.දකුණතින් දීම වමතට නොදැනෙන ලෙස දෙන මිනිස් කුමරා ඊටත් වඩා උසස්ය.යාචකයන්ට දෙන යහගුණ ඇත්තෝ අල්ලාහ් ලගින් ජිවත් වෙති.මු:මින්වරුන්ගේ සම්පතින් යාචකයින්ට අයිතියක් ඇත.තම කෑම බීම වලදී අනාථයෙකු සහභාගී කරවන්නට අල්ලාහ් ස්වර්ග සම්පත් දෙයි. තම අසල්වැසියා කුසගින්නේ සිටින විට තම කුස පුරවා ගන්නා මුස්ලිම් වරයෙක් නොවන්නේ " යැයි නබි තුමාණෝ පැවසුහ.තවද දාන පරිත්‍යාග කරන්නට අඩු නොවේ යැයි නබි තුමාණෝ ප්‍රකාශ කළේය.
අල්ලාහ් මෙසේ පවසයි. "පරලොව විනිශ්චය බොරු කරන්නා ඔබ බලුවෙහිද? අනාථයන් පලවා හරින්නේ ඔහුය. ඔහු දුප්පතුන්ට ආහාර නොදෙන අතර ආහාර දෙන ලෙස සෙසු අය දිරිගන්වන්නේ ද නැත." තවද අල්ලාහ් මෙසේ පවසයි.
"අනාථයන්ට,අසරණයන්ට,රෝගීන්ට උදව් කරන්නා ස්වර්ගයේ මා දකී.අනාථයන්ගේ දේපොළ යුතු මාර්ගයෙන් අනුභව කරන්නෝ කුසේ ගින්න පුරවා ගනිති." (සුරත් නිසා ) තම ශරීරයෙන් වස්තුවෙන් දුගීන්ට උදව් කරන්නා රාත්‍රී දහවල් සිටගෙන නමදිම දිනපතා උපවාස කරන්නට සමාන ප්‍රතිපල ලබයි. දුගීන්ට දැන් දෙන යහ ගුණ ඇත්තෝ අල්ලාහ්ට ලං වෙයි. ස්වර්ගයට ලං වෙයි.එහෙත් ලොභයා අල්ලහ්ගෙන් ඇත වෙයි.නිරයට ලං වෙයි. අල්ලාහ්ට ආදරය කරන්නෙක් නම්,ඔහුගේ දාසයන්ට ආදරය කරන ලෙස අල්ලාහ් පවසයි.
ධනවතුන් ,ශරීර සෞඛ්‍ය සම්පන්න අය ,අසරණයින් රෝගීන් වශයෙන් පත් වී සිටීම සමාජයේ අපි දකිමු. අසරණයින් දරිද්‍රතාවය විද දරාගනිමින් රෝගීන් වේදනාවන් විද දරාගනිමින් මෙලොව ඔවුන්ගේ පව් ගෙවී ස්වර්ගයට පිවිසීමේ භාග්‍ය ලබා ගනිති. නමුත් සෞඛ්‍ය සම්පන්න අය සිය ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් ස්වර්ගයට යාමේ කුසල් රැස්කර ගත යුතුය.එසේ නම් ඔවුන් අසරණයන්ට මෙන්ම රෝගින්ටද පිහිට විය යුතුය.