Header Ads

  • Breaking News

    වැඩ කරන දෑත-වෙහෙස මහන්සි වී වැඩ කිරීම කොතරම් අගය කල යුතු දෙයක්ද?

    වරක් නබි මුහම්මද් (සල් ) තුමා තම මිතුරන් සමග කතා බහක දී සිටියේය. එවිට පිටිසර ප්‍රදේශයක සිට සහබ් වරයෙකු එහි පැමිණියේය.
    ඔහු දුටු නබි තුමා වහ නැගිට ඔහුට අතට අත දී තම සතුට ප්‍රකාශ කර සිටියේය. තම මිතුරන්ට සෙනෙහස දැක්වීමෙහි නබි තුමා කිසි දිනක අඩුවක් නොතබයි. එම මිත්‍රයාගේ අතින් අල්ලා එතන වාදී වෙන ලෙස නබි තුමා ආරාධනා කළේය. එවිට ඔහුගේ දැතේ රළු බවක් දැනුනි. අල්ලේ කර ගැට සිදී ඇති බවද දැනුනි. එවිට නබි තුමා "ඇයි මිත්‍රය ඔබගේ අතේ තුවාලයක් ද " විමසිය .
    එවිට "නැහැ මිත්‍රයා එහෙම දෙයක් නොවේ.ළමයින්ට කන්න දෙන්න ඕන නිසා මා දිනපතා කළු ගල් කඩමින් ජිවත් වෙනවා.සමහර දවස් වල පොරොවෙන් දර කපා විකුණනවා. " මෙය එයින් ඇතිවූ කැළලක් බව ඔහු කියා සිටියේය.

    නැවතත් තම සතුට ඉහල මට්ටමෙන් ප්‍රකාශ කල නබි තුමා .මිත්‍රයාගේ දෑත ගෙන සිප ගත්තේය. දුප්පත් මිනිසෙකු තම දරු පවුල වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කිරීම කොතරම් අගය කල යුතු දෙයක්ද යන්න නබි තුමා නිතර කියයි. එම නිසාවෙන් මිත්‍රයාගේ දැතේ තිබු තුවාල දැකීමෙන් නබි තුමා ප්‍රීතියට පත්වූයේය.තම සතුට ඉහලින් ප්‍රකාශ කිරීම සදහා දෑත සිප ගත්තේය. එයින් නබි තුමා වැඩ කරන ජනතාවට තම උපහාරය පුද කළේය.

    Post Top Ad

    Post Bottom Ad