අරාබි සංඛ්‍යානය සහ ගණිත ප්‍රඥාවේ ආරම්භය - ඉස්ලාමිය ස්වර්ණමය යුගය
9 වැනි ශතවර්ෂයේ දී පර්සියානු ගණිතඥයකු වන මුහම්මඩ් ඉබන් මුසා අල්- ක්‌වාරිස්‌ම් පඬිවරයා විසින් හින්දු අරාබි ගණිතය පිළිබඳව ග්‍රන්ථ කිහිපයක් ම රචනා කරනු ලැබ තිබිණි.
අරාබි සංඛ්‍යානය සහ ගණිතය පිළිබඳව අල්- කින්ඩි විද්වතා සහ අල්- ක්‌වාරිස්‌මි විද්වතා විසින් අරාබි බසින් කරන ලද රචනා පසු කලෙක ලතින් භාෂාවට පරිවර්තනය වී බටහිරයන් ගේ අධ්‍යයන කටයුතු සඳහා භාවිත වී ඇත. ලතින් භාෂාවෙන් "Algorithm" යනුවෙන් හැඳින්වෙන්නේ අල්-කින්ඩි සහ අල්-ක්‌වාරිස්‌මි යන පඬිවරුන්ට කෙරෙන උපහාරයක් වශයෙනි. තව ද, වීජ ගණිතය අල්-කින්ඩි විද්වතා ගේ නිර්මාණයකි.
අල්- කින්ඩි විද්වතා විසින් ප්‍රාථමිකව නිර්මාණය කරන ලද වීජ ගණිතය සංවර්ධනය කිරීම පිණිස අල්-කරාර් විද්වතා ගේ සහ අල් කාරි විද්වතා විසින් කරන ලද මෙහෙය අප්‍රමාණ ය. ක්‍රි.ව. 1000 වන විට විද්වත් අල් කරාර් ගණිතඥයා ද්වීපද ප්‍රමේයය, පැස්‌කල් ගේ ත්‍රිකෝණය, නිල සංඛ්‍යා ආදි ගණිත සංකල්ප විධිමත්ව තහවුරු කිරීමට සමත් විය.

එසේ ම එම යුගයේ දී ම ගණිතඥ අබල් වාහද් මෙන්ම ගණිතඥ අල් හේතම් යන විද්වතුන් ගෙන් ගණිතය සංවර්ධනය වීම පිණිස ඉමහත් ආලෝකයක් ලැබිණි. විද්වත් හේතම් ගණිතඥයා නිල සංඛ්‍යාවන්හි බලයයන් පිළිබඳ පොදු සමීකරණයක් නිර්මාණය කිරීමට ද සමත් විය.
කවියකු සහ සෞන්දර්යවාදියකු ලෙස අප කවුරුත් විශ්වාස කරන ඕමර් ඛයියාම් 11 වැනි ශතවර්ෂයේ සිටි අති දක්‍ෂ ගණිතඥයකු බව මෙහිදී හෙළිදරව් කළ යුතු ම ය. විද්වත් ඛයියාම් ගණිතඥයා විසින් "යුක්‌ලිඩ් ගණිතයේ දුරාවබෝධ තැන් පිළිබ`දව සාකච්ඡාව" නමින් වූ ග්‍රන්ථයක් ප්‍රසිද්ධියට පත් කරන ලදි. එසේ ම පවතින දින දසුන සංස්‌කරණය කිරීම අරභයා ඛයියාම් විද්වතා තුළ වූයේ නො සන්සිඳෙන උනන්දුවකි.
නසිර් අල් ඩින් ටුසී- විද්වතා 13 වැනි සියවසේ අරාබි ලෝකය සතු වූ විශිෂ්ටතම ගණිතඥයකු වෙයි. එතුමා ගෝලාකාර උසස් ත්‍රිකෝණමිතිය නිර්මාණය කළ ප්‍රාඥයා වෙයි. තව ද එතුමා යුක්‌ලීඩ් ගේ සමාන්තර අභ්‍යqපගමය පිළිබඳව ද සාකච්ඡා කර ඇත. එසේ ම 15 වැනි ශතවර්ෂයේ දී විසූ ගියාත් අල් කාශි විද්වතා ච අගය දශම ස්‌ථාන 16ක් දක්‌වා ගණනය කිරීමට සමත් විය. ඉබන් විද්වතා අල් හේතම් විද්වතා අල් ක්‌අලසාඩ් ආදි ගණිතඥයන් ද 15 වැනි සියවසේ දී අරාබි ගණිතය තවදුරටත් සංවර්ධනය කළ ගණිතඥයන් ලෙස අප ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර විය යුතු ය. ධටොමන් අධිරාජ්‍යයේ සවාඩ් අධිරාජ්‍යයා රාජ්‍යත්වයට පත් ව 15 වැනි සියවස තුළ දී ම ඉස්‌ලාමීය ගණිතය ක්‍රමානුකූලව අභාවයට යන්නට වීම දෛවයේ විශාල සරදමක් වශයෙන් සැලකිය හැකි ය.
ආසියානු රටවල සහ අරාබි රටවල ගණිතමය සංකල්ප කෙතරම් සංවර්ධනය වී තිබුණ ද යුරෝපයේ මධ්‍යකාලීන යුගය වන විටත් කිසිදු ආකාරයක ගණිතමය සංවර්ධනයක් සිදු වී තිබී නැත. ප්ලේටෝ විද්වතා විසින් රචනා කරන ලද Timaeus සහ ඇතැම් බයිබල් පාඨවල අඩංගු වන දෙවියන් වහන්සේ ගේ නියෝගයන්වලට අනුව යුරෝපයේ ගණිතය පිළිබඳ උනන්දුවක් ඇති වන්නේ මධ්‍යකාලීන යුගයේ දී ය.
11 වැනි සහ 12 වැනි සියවසේදී, ඉස්‌ලාමික උගතුන් හා විද්වතුන් සතු වූ ගණිත දැනුම මෙන්ම ඉන්දීය විද්වතුන් ගේ ගණිත දැනුම ද මේ වන විට ලොව එවකට ප්‍රබල භාෂාවක් වූ අරාබි බසින් ග්‍රන්ථාරූඪ වී තිබුණි.
යුරෝපීය උගත්තු එවකට අරාබි අධිරාජ්‍යයට අයත් ව තිබූ ස්‌පාඤ්ඤයට කරන ලද සංචාරවල දී තමන්ට කියවන්නට ලැබුණු අරාබි බසින් ප්‍රචලිත ගණිත පොතපත ද රැගෙන තම මවු රටවලට පැමිණ ඒවා හදාරන්නට වූ හ. ඒ වන විටත්, බටහිර ජාතීහු ඉන්දීය හා අරාබි උගතුන්ට වඩා ශත වර්ෂ 10ක බුද්ධිමය පසුබෑමක වූ බව මෙහි දී නැවත සිහිපත් කිරීම වැදගත් ය.

චෙස්‌ටර්හි රොබර්ට් විද්වතා විසින්, විද්වත් අල් ක්‌වාරිස්‌මි ගණිතඥයා විසින් රචිත අරාබි ගණිත ග්‍රන්ථය The Compendious Book on Calculation by Completion and Balancing ලෙසින් ලතින් බසට පරිවර්තනය කරන ලදි. එසේ ම යුක්‌ලිඩ් ගණිතය පිළිබඳ අරාබි ග්‍රන්ථය, බාත්හි ඇඩලෙඩ්, කැරින්තියාහි හර්මන්, ක්‍රෙමෝනාහි ජෙරාඩ් යන විද්වතුන් වෙතින් සංස්‌කරණ කිහිපයක් ලෙසට ලතින් බසට නැඟිණි.
යිබොනාසි විද්වතා විසින් ක්‍රි.ව.1202 රචනා කොට 1254 දී නැවත සංස්‌කරණය කරන ලද Liber Abaci ග්‍රන්ථය අරාබි ගණිත ග්‍රන්ථවලින් අවුලන ලද ගණිත ඥානාලෝකය ප්‍රතිබිම්බනය කළ පළමු යුරෝපීය ගණිත ග්‍රන්ථය වේ. 14 වැනි සියවස වන විට යුරෝපීය ජාතීහු තම තමන් ගේ ස්‌වයං සිද්ධාන්ත සමඟ ගණිතයේ නව මංපෙත් සොයා බැලීම ආරම්භ කර තිබිණි.