Header Ads

  • Breaking News

    අල්ලාහ් දෙවිදුන්ගේ මහිමය විදහාපාන විශ්වයේ විශ්මිත සැකැස්ම

    ග්‍රහලෝක අටකින් හා ග්‍රාහක චන්ද්‍රයින් වැනි තවත් බොහෝ දේවලින් සමත්විත සුර්යා කේන්ද්‍ර කර ගත් අප සෞරග්‍රහ මණ්ඩලය පිලිබදව ඔබ මොහොතකට සිතා බැලුවාද ?තමා වටා භ්‍රමණය වෙමින් සුර්යා වටාද,පරිභ්‍රමණය වන මෙම ග්‍රහ වස්තුන් දෙසට මදක් ඔබේ අවධානය යොමු කරන්නා.ග්‍රහයන්ගේ මෙම පරිබ්‍රහමනයට සුර්යා හා එම ග්‍රහයන් අතර ඇතිවන අන්‍යොන්‍ය ආකර්ෂණ බලය හේතුවේ.(භෞතික විද්‍යාවට අනුව විශ්වයේ ඇති ඕනෑම වස්තුන් දෙකක් අතර ආකර්ෂණ බල හට ගනී ) මෙම ආකර්ෂණ බලය ගුරුත්වාකර්ෂණ බලය ලෙස හැදින්වේ.

    මෙම ගුරුත්වාකර්ෂණ බලය සුර්යා හා ග්‍රහ ලෝක අතර කේන්ද්‍රභිසරි බලයක් ලෙස ක්‍රියා කරමින් (වස්තුන් වෘත්තාකාර මාර්ගවල චලනය කරවීමට හේතුවන බලයකි) ග්‍රහ වස්තු නියමිත කක්ෂ (මෙම ග්‍රහයන් ගමන් ගන්නා මාර්ගය ) වල චලිතය පවත්වා ගනී.


    විශ්වයේ අවසානය දක්වාම මෙසේ චලිත වෙමින් පවතින ග්‍රහයන්ගේ එම චලිත වල ආරම්භය පිලිබදව ඔබ මොහොතකට සිතා බැලුවාද ? මෙම විශාල ග්‍රහ වස්තුන්ගේ චලිතය විස්තර කිරීමට පෙර 21 වන සියවස ජයගත් මිනිසාගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වන කෘතීම /භාස්ථාවර චන්ද්‍රිකා වැනි විශ්වයේ සැරිසරමින් පවතින කෘතීම දේ පිළිබද සලක බලමු.
    පෘත්රුවිය වටේ වෘත්තාකාරව ගමන් කරන මේවයේ ආරම්භක චලිත සලකා බැලුවහොත් ඒවා රොකට්ටු ආධාරයෙන් පොළොවෙන් ඉහලට ගෙන ගොස් නියමිත උසකදී ආරම්භක තිරස් ප්‍රවේගයක් සහිතව මුදා හරිනු ලැබේ.
     

    ඉන්පසු පෘතෘවි ගුරුත්වාකර්ශනයට යටත්ව ඒවා වෘත්තාකාර මාර්ගයක ගමන් ගනී.කෙසේ වුවද ,ඒවා අදාල නියමිත මාර්ගයේම පවත්වමින් ගමන් කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් ලෙස ආරම්භක තිරස් වේගය සැලකේ.නියමිත පරිදි අදාල නිශ්චිත ආරම්භක ප්‍රවේගය ලබා නොදුනහොත් ඒවා කඩා වැටීමට ලක් වේ.



    අභ්‍යවකාශයේ ඇති ග්‍රහලෝක වල ස්කන්ධය/ප්‍රමාණය හා සලකන කල ඉතාමත් කුඩා ස්කන්ධ /ප්‍රමාණ සහිත චන්ද්‍රිකවන්ටද ඒවා නියමිත පරිදි පිහිටුවා ගමන් කිරීමට සුදුසු ආරම්භක තිරයේ ප්‍රවේගය අනිවාර්ය සාධකයක් වන්නේ නම්,ඉතා විශාල ස්කන්ධ / ප්‍රමාණයෙන් යුත් ග්‍රහලෝක හා අනෙක් ග්‍රහවස්තු වලටද එය අනිවාර්ය සාධකයක් නොවේද ?

    එසේ නම් මේ සා විශාල ග්‍රහයන් සුර්යා කේන්ද්‍ර කර ගනිමින් නියමිත මාර්ග වල චලනය වීමට අවශ්‍ය ආරම්භක තිරස් ප්‍රවේගය ඒවාට ලැබුනේ කෙසේද ?
    නොඑසේනම් ලබා දුන්නේ කව්ද? යන්න අප සැමදෙනාගේම සිත් තුල පැන නගින ප්‍රශ්නයකි.

    Post Top Ad

    Post Bottom Ad