Header Ads

  • Breaking News

    පිරිසිදුකම : පවිත්‍රත්වය වුළු දෝවනය

    සර්වබලධාරී අල්ලාහ් ඉදිරිපිට ඔබ සලාතය ඉටු කිරීමට පෙර පිරිසිදුව සිටීම අනිවාර්ය වේ.


    පවිත්‍රත්වය වුළු: (දෝවනය)මගින් සිදුවේ. වුළු: ක්‍රමය ගැන අල්-මාඉදා පරිච්චේදයෙහි 6 වැනි වාක්‍යයෙහි සදහන් වේ.

    1. (විශ්වසවන්තයිනි ඔබලා සලාතය කිරීම සදහා සුදානම් වූ විට ඔබලාගේ මුහුණ සෝදා ගන්න.)ඇත දෙක මැණික් කටුව දක්වාද,නාසය හා මුකයද සෝදන්න.
    2. (ඔබගේ දේ ඇත වැලමිට දක්වා සෝදන්න) ඇත දෙක වැලමිට තෙක් වතුර හොදින් තැවරෙන ආකාරයට (දකුණු අතට පසු වම ඇත) සේදිය යුතුය.
    3. (ඔබලාගේ හිස පිරිමදින්න) හිස සම්පුර්නවා පිරිමදිමින් ,දෙකන්ද පිරිමදිය යුතුය.
    4. (ඔබගේ දෙපා වළලුකර දක්වා සෝදන්න) දෙකකුල් වළලුකර දක්වා සේදීමේදී දකුණු පදයට පසු වම් පදය සේදිය යුතුය.
    5. වුළු: (දෝවනය) කිරීමේදී මෙය අනුපිලිවෙලට කිරීමද අනිවාර්ය වේ.

    පහසුව පිණිස පහත වීඩියෝව නරඹන්න 




    පහත සදහන් අවස්ථාවන්හි කෙනෙකුට වුළු: කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ.සලාතය සදහා ඔහුට ස්නානයද අවශ්‍ය වේ. 

    සංසර්ගයේ යෙදීම
    ශ්‍රක ධාතු පිට වීම
    කාන්තාවකගේ ඔසප් වීම නැවතීම
    දරු උපතක් සමග පිටවන රුධිරය නැවතීම

    ජලය නොමැති අවස්ථාවක නැතහොත් ජලය පරිහරණය කිරීම හානියක් ගෙන දෙයි යන බිය වූ විට වුළු: (දෝවනය) හා ස්නානය වෙනුවට ඔබට තයම්මුම් කල හැක.ඔබේ දෙඅත්ල පොලොව මත ස්පර්ශ කර මුහුණ පිරිමදිම.පසුව දකුණු අත හා වම් අත මැණික් කටුව දක්වා පිරිමදිම.

    ඔබ පවිත්‍ර වූ විට තවත් සලතයක් සදහා පවිත්‍ර වීම අවශ්‍ය නොවේ.(අපවිත්‍ර වීමේ යම් කාර්යයක් ඇති වුවා නම් මිස.)

    පවිත්‍රත්වය බිදෙන කාර්යයයන් :


    මළමුත්‍ර පහ කරන ස්ථානයෙන් යම් කිසි දෙයක් පිට වීම.(මළ මුත්‍ර,ශ්‍රක ධාතු,රුධුරය යනාදිය.)
    සංසර්ගයේ යෙදීම.
    ලිංගිකශ්‍රිත ප්‍රදේශය හැගීමෙන් යුතුව ස්පර්ශ කිරීම.
    නින්දෙන්, ක්ලාන්තයෙන්,මත වීමෙන්,සිහි සුන් වීම. ඔටු මස් අනුභව කිරීම


    Post Top Ad

    Post Bottom Ad