Header Ads

  • Breaking News

    අස් සලාත් (නැමදුම)



    දිනපතා සලාතය ස්ථාපිත කිරීම මගින් අපි අල්ලාහ්ගේ දාසයන් බවත්,අල්ලාහ් අපගේ ස්වාමියා බවත් සිහිපත් කෙරෙයි.දසයගේ ලක්ෂණය ස්වාමියට කීකරු වීම වේ.තවද මැවුම් කරු උත්කෘෂ්ට කිරීමක්ද,ඔහුගේ භාග්‍යන්ට කෘතඥ වීමක්ද,ඔහුට අපි සමීප වීමක්ද මෙයින් සිදුවේ.සලාතය ඉටු කිරීමේදී පාපයන්ට සමාව ලැබෙන අතර ,විශාල පින් කුසල් ලැබීමටද ඉවහල් වේ.ඉස්ලාම්හි ස්ථිර පැවැත්මකට මෙය මහෝපකාරී වේ.

    දිනපතා පස් වතාවක් සලාතය ඉටු කල යුතුය.
    1. සුබඃ සලාතය - රක්ආත් දෙකකි.කාලය: රය අවසන් වී අලුයම සිට හිරු උදාවන තෙක් වේ.

    2. ලුහර් සලාතය- රක්ආත් හතරකි, කාලය: මද්‍යහ්න හිරු මුදුන් වී එය බැසීමේ පියවර ආරම්භ කරන වෙලාවේ සිට යම් ද්‍රව්‍යක සෙවනැල්ල එම ද්‍රව්‍යයේ ප්‍රමාණයට සමාන වන තත්වයට පත්වන අවස්ථාව තෙක් වේ.

    3. අසර් සලාතය- රක්ආත් හතරකි.කාලය: හිරු බැසීමේ සිට සවස ආලෝකය පහ වෙමින් රැය බෝ වීමත් සමග අවසන් වේ. 

    4.මහ්රිබ් - රක්ආත් තුනකි.

    5. ඉෂා සලාතය- රක්ආත් හතරකි. කාලය: මහ්රිබ් සලාතය නිම වීම පටන් මධ්‍යම රාත්‍රිය තෙක් වේ.

    ජූම්ආ සලාතය : රක්ආත් දෙකකි. මස්ජිදයට (සිද්ධස්ථානයට) පැමිණ සලාතය ඉටු කරන්නන් සමග එක් වී ලුහර් සලාතය වෙනුවට රක්ආත් දෙකකින් සමත් විත මෙම සලාතය ඉටු කල යුතුය.සිකුරාදා දිනයෙහි ඉටු කරන මෙම සලාතය සෑම පිරිමියෙකුටම අනිවාර්ය වේ.සමුහව මෙම සලාතය ඉටු කිරීම අතපසු වූ කෙනෙකු ලුහර් සලාතය ඉටු කල යුතුය.


    අල්ලාහ් අභියස විශාල වශයෙන් අනිශංශ ලැබෙන සලතයන් කිහිපයක් ඇත.මෙය ඉටු කිරීම හෝ නොකිරීම ඔබේ කැමැත්ත මත රැදී ඇත.

    සුබඃ සලාතයට පෙර රක්ආත් දෙකක්,ලුහර් සලාතයට පෙර (2.2) හතරක්,ලුහර් සලාතයට පසු රක්ආත් දෙකක්,මහ්රිබ් සලාතයෙන් පසු රක්ආත්දෙකක් , ඉෂා සලාතයෙන් පසු රක්ආත් දෙකක්,ජූම්ආ සලතයෙන් පසු රක්ආත් (2.2) හතරක්, ඉෂා සලාතයෙන් පසු විත්ර් සලාතය (අවම වශයෙන් රක්ආතයක් හෝ) ඉටු කල යුතුය.

    ඔබ මස්ජිදයට ඇතුල් වී වැඩි වීමට පෙර රක්ආත් දෙකක් ඉටු කිරීම සතුටු දායක වේ.


    Post Top Ad

    Post Bottom Ad