Header Ads

  • Breaking News

    ආදම් (අලෛ ) තුමා. 1


    මිනිස් වර්ගයාගේ පියා මෙතුමාය..අල්ලාහ් තආලා මෙතුමාව මව ස්වර්ගයේ හිදවිය. මෙතුමාගේ ඉල ඇටයකින් හව්ව (රලි) නමැති කාන්තාව මෙතුමාට විවාහ කර දෙන ලදී.මොවුන් දෙදෙනා සතුටින් ජිවත් වීම ගැන ඉර්ෂ්‍ය කල "ඉබ්ලිස්" මොවුන් දෙදෙනා ස්වර්ගයෙන් පිටමන් කිරීමට උත්සහ කළේය. තහනම් කල ගසක ඉදුණු ගෙඩියක් කම සදහා ඒ දෙදෙනාට අනුබල දුන්නේය.මොහුගේ කතාවට රැවටුණු මොවුහු එය අනුභව කළහ. එම නිසා මොවුන් දෙදෙනා වහාම මෙලොවට පිටමන් කරන ලදී.දෙදෙනා දෙතනකට යවන ලදී.පොළොවේ සිට හඩා වැලපී,අල්ලාහ් තඅලා වෙත සමව ඇයද සිටියහ.ඔවුන් දෙදෙනාගේ අයැදීම පිළිගත් අල්ලාහ් නැවතත් ඔවුන්ට පවුල් ජීවිතය ඇරඹීමට සැලසිය. ඒ දෙදෙනාට ළමුන් 39 දෙනෙක් ඉපදුනහ.ළමුන්ගේ ළමුන්ද,ඒ ළමුන්ගේ ළමුත් වශයෙන් දහස් ගණන් බෝවන තුරු, අවුරුදු දාහක් ආදම් (අලෛ ) තුමා ජිවත් විය.ඔහුගේ " ෂරිඅත් " ප්‍රකාර සමහර කොන්දේසි අනුව සහෝදර සහෝදරියන් අතර විවාහ වීමට හැකි විය.

    ආදම් (අලෛ ) තුමා ගොවිතැනින් ජිවත් විය. අවුරුදු දහේදී එතුමා අභාවප්‍රාප්ත විය.එවිට ජිබ්රිල් (අලෛ ) පැමිණ, ජනතාවට අයත් යුතුකම් හතරම ඉටුකර පෙන්වා දී මින්පසු සිදුවන මරණ වලදී එසේ කරන ලෙස කියදි ගියේය.

    Post Top Ad

    Post Bottom Ad