සැනසුමට දුක විනා
ගව් ගණන් දුර මුහුදින්
එතර පියාසර කර
සැනසුමට දුක විනා
මට නැත ඔබ දුන්නේ
දමා කුඩාවිය මා තනිකර
ගුවනේ පියාසර කළ
ඔබේ සෙනෙහස
ඇයි මම සීමා කළේ ?
මිල කළ හැකි ද අම්මේ
ඔබේ සෙනෙහස
පැමිණෙනු මැනව මා අභියස...
කවි ඇත ගී ඇත
මව්වරුන් ගුණ ගායනා
නමුදු අම්මේ මම
එ සෙනෙහස නැත
ඔඛෙන් ලැබුණේ
ඇති දැඩි වූව ද මා
නොලබා ඔබේ මව සෙනෙහ
දුටුවෙමි මව් දරු සෙනෙහස
අවට ලොවේ...
සොඳුරු අරණේ
තනි වූවෙමි ඔබ නොමැතිව
ජීවිතය ම දුරස් වුණ
අම්මේ
මට ඔබ මුහුදින්
දුරස් වුණා
මගේ ලමා තරුණ අවදියේ
ප්රාර්ථනා කරමි
එකම පැතුම් ඔබ
මා අභියසට
අම්මේ?.....
සෆ්නා සම්සුදීන්
කදීජතුල් කුබ්රා උ.අ.ආ