මචං, ඉස්ලාම් ආගමට ගියාම ගෑණු 7 දෙනෙක් බැඳගත හැකි බං ??

යම් කි්‍රයාවක් ගත් කල, එහි හොඳ හා නරක යන දෙපැත්තක් දැකිය හැක්කාක් සේම එම කි්‍රයාව සිදු කළ විට හොඳ හෝ නරක ප්‍රතිඵලයක් ලැබිය හැකිය. ඉහත සිද්ධාන්තය අප ජීවිතයේ බොහෝ කාරණාවන්ට වලංගු වේ. එමෙන්ම, අයහපත් ප්‍රතිඵලම ගෙන දෙන කි්‍රයාවන් ද, යහපත් ප්‍රතිඵල පමණක්ම ගෙන දෙන කි්‍රයාවන් ද, ඇති බව අපි දනිමු.
යහපත් ප්‍රතිඵල ගෙන දෙන කි්‍රයාවන් අනුමත කිරීමත් (හලාල්), අයහපත් ප්‍රතිඵල ගෙන දෙන කි්‍රයාවන් තහනම් කිරීමත් (හරාම්), හොඳ ප්‍රතිඵලයක් හෝ නරක ප්‍රතිඵලයක් ලැබිය හැකි කි්‍රයාවන්වලින් හොඳ ප්‍රතිඵලය පමණක් ලැඛෙන පරිදි කි්‍රයාවන් හා චේතනාවන් සැලසුම් කිරීමට ඉගැන්වීමට ඉස්ලාමය මගින් සිදු කරයි.
මිනිසාව මවා ඔහුට අවශ්‍ය දෑ මෙලොවේ ස්ථාපිත කළ අල්ලාහ්, මිනිසාගේ හොඳ නරක හා අවශ්‍යතා හඳුනනවා පමණක් නොව, මිනිසාට ඔහු අසීමිත ලෙස ආදරයත්, කරුණාවත්, අනුකම්පාවත් දක්වන්නේය. එය තහවුරු කරමිනුයි. අතීතයේ ඉබ්රාහීම් (අෙලෙ) තුමාව නුම්රූද් රජු ගින්නට දැමු විට නොපිළිස්සී ඔහු ආරක්ෂා කළේ ද, ඉස්මායිල් (අෙලෙ) තුමාගේ මව පිපාසයෙන් පානීය ජලය සොයා සෆා මර්වා කඳු අතර මාරුවෙන් මාරුවට දුවන විට බිම හඩා වැළපෙමින් සිටි ඉස්මායිල් (අෙලෙ) තුමාගේ පතුල යටින් ජල උල්පතක් මතු කළේ (අද දිනයේ මක්කාවෙහි පිහිටි සම් සම් ළිඳ), මධ්‍යධරණී මුහුද දෙබෑ කොට මූසා (අෙලෙ) තුමා ඇතුළු පිරිස ෆිර්අව්න්ගෙන් බේරා ගත්තේ ද, වර්තමානයේ ලොව පුරා විරෝධතා ඉස්ලාමයට තිබුණත් උගතුන් බොහෝ පිරිසක් ඉස්ලාමය වැළඳ ගනිමින්, එ අනුව කි්‍රයාකාරමින් සත්‍ය වෙත ඇදී එන්නේ ද, අල්හම්දුලිල්ලාහ්.
මෙතෙක් මා ඔබ හා සාකච්ඡා කරමින් පැමිණියේ අන්‍යාගමික සහෝදර සහෝදරියන්ගේ කාලීන ගැටළු වන මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමාගේ බහු භාර්‍යා විවාහය පිළිබඳව සත්‍යය වෙත ඔබ සැම රැගෙන යාමටය
—මචං, ඉස්ලාම් ආගමට ගියාම ගෑණු 7 දෙනෙක් බැඳගත හැකි බං...˜ —මමත් මේ යන්න කියලයි බැලූවේ...˜
පාසල් සිසුන්ගෙන් සිට වැඩිහිටියන් පවා විහිළු බස් පැවසීමක් ලෙස ඉහත වාක්‍ය භාවිතා කිරීම නොයෙක් වර දැක ඇත්තෙමි. මම අහන්න කැමති, ඔබේ ආගම්වල අන්තඃ පුර නඩත්තු කළ ඈයන් අතීතයේත්, වර්තමානයේත් නැත්ද? සමාජයට වෙනම, සැපට වෙනම ස්තී්‍රන්ගෙන් යුත් පිරිමි ඔබේ සමාජයේ නැතිද? හිත ඇත්නම් පත කුඩා ද?
සොයුරනි..
බහු භාර්‍යා විවාහය යහපත මෙන්ම, අයහපත සඳහා ද භාවිතා කළ හැකිය. සියලූ යහපත, අයහපත, දුක, සතුට, මිනිසාටයි. නමුත්, එසේ මිනිසා කෙසේ හෝ ජීවත්වීමට ඉස්ලාමය ඉඩ නොදේ. උපතේ සිට මරණය දක්වා ඉස්ලාම් භක්තිකයෙකුගේ සෑම කි්‍රයාවක්ම (කතා කිරීම, ස්පර්ශ කිරීම, සවන් දීම, ආඝ්‍රාන, දෘෂ්ඨිය, කි්‍රයාවන්, චේතනාවන්, ඇඳුම් පැළඳුම්, ආභරණ පැළදීම, ප්‍රතිචාර දැක්වීම්) ඉස්ලාමයෙන් පෙන්වා දෙන රාමුවක් තුළ තිබිය යුතුය. මේ සෑම දෙයකම ඉස්ලාමයේ වචනයෙන් වචනය පවසා ඇත. අල්ලාහ්, මෙසේ අපට මග පෙන්වන්නේ ශුද්ධ වු කුර්ආන් හා නබි තුමා මගින් ය. ඔහු ජීවත් වූයේ ඉස්ලාමීය ජීවන සැලැස්ම ඔස්සේ ය. එමෙන් ම බහු භාර්‍යා විවාහය, ඉස්ලාමීය ජීවන සැලැස්මේදී යහපත සඳහා පමණක් යොදා ගන්නා ක්‍රමයක් පෙන්වා දෙයි. එහිදී පහත නීතීන් පිළිපැදීම අනිවාර්යවේ.
- පළමු බිරිඳගේ අනුමැතිය
- සියලූ බිරින්දෑවරුන්ට සමානව සැලකීම
- එම කාන්තාවන්ගේ පූර්ණ කැමැත්ත
- මුස්ලිම් අයෙකු විවාහ විය හැක්කේ 4 දෙනෙක් පමණි.
ඉහත කරුණු පිළිපැදිය නොහැකි නම් බහු භාර්යා විවාහ ඔහුට තහනම් වේ.
අහන්නත් දුකයි සොයුර සොයුරියනි, අපගේ උතුම් මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමාණන් පිළිබඳව පූර්ණ හැදෑරීමකින් තොරව ඔහු ස්තී්‍ර ලෝලියෙකු බව පැවසීම. අස්තඃෆිරුල්ලාහ්, කොතරම් ද්වේශ සහගතද?
ඔහු විවාහ වුණේ ස්තී්‍ර ලෝලියෙකු නිසා නොව, සමාජයේ තිබුණු මිත්‍යා විශ්වාස හා වැරදි, නිවැරදි කිරීමේ උදාර පරමාර්ථයෙනුයි. තර්ක කිරීමටම මුල් තැන දෙන ඔබේ බුද්ධිය තර්ක කරයි. එ සඳහා විවාහ විය යුතු ද? කියා, ඔබ සිද්ධාන්තමය බවින් මිදී ප්‍රායෝගිකව සිතුවහොත් ඔබට වැටහේවී මෙහි සත්‍යතාව.
නබිතුමා විවාහ මගින් සිදු කළේ අසරණ වැන්දඹු කාන්තාවන් හට නව ජීවිතයක් හා ආරක්ෂාව සැපයීම, වහල් කාන්තාවන් විවාහ කිරීම මගින් මිනිසුන්ගේම කොටසක් වහලූන් සේ සැලකීම හෙළා දැකීම, කාන්තා පාර්ශ්වයට ඉස්ලාමයේ සිද්ධාන්ත ඉගැන්වීම, අල්ලාහ්තආලාගෙන් ලැබුණු නියෝග¦ මේවා තමයි ඔහුගේ විවාහයන්ට හේතු වුණේ.
කාන්තාව වහළියක් සේ සලකනු ලැබු එදා සමාජය බිඳ හෙළුවේ ඉස්ලාමයයි. සියලූ දුක් වේදනා ඉවසා දරා අපට නිවැරදි මාර්ගය පෙන්වා දුන්, අප වෙනුවෙන් අල්ලාහ්ගෙන් දුආ ප්‍රාර්ථනා කළ, ඔහුව විවේචනය කිරීම ගුණමකුකම නොවේ ද?
එතුමා වැන්දඹුවන්ට ජීවිතය ලබාදීම කාන්තා ලෝලියෙකු නීත්‍යානුකූලවම විවාහ 11ම සිදු කිරීම අවශ්‍යද? එක් කාන්තාවක් හෝ දෙදෙනෙකුව විවාහ කර අනෙක් ස්තී්‍රන්ව නීත්‍යානුකූල නොවන සේ තබා ගන්නට තිබුණි. නමුත්, ඔහු එසේ කළා ද? නැත. ලෝක ප්‍රකට විද්වතෙක් වන ඇල්බට් අයින්ස්ටයින් හට නීත්‍යානුකූල බිරින්දෑවරු දෙදෙනෙකුත්, නිත්‍යානුකූල නොවන බිරින්දෑවරු දෙදෙනෙකුත් සිටියේ යැයි ඔහු පිළිබඳව සඳහන් කර, උගතුන් පවසති. ඉතිහාසයේ මෙවැනි උදාහරණ ඕනෑතරම් ඇත.
—ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්˜ චිත්‍රපටයේ නිර්මාතෘ හා අදාල පිරිස කුමන ආකාරයේ දැනීමකින් හෝ බුද්ධියකින් එම චිත්‍රපටය නිෂ්පාදනය කළා ද? ගැටළුවක් ඕනෑම කෙනෙකුට මතුවේ. පළමුව අවධානය යොමු කළ යුත්තේ චිත්‍රපටය පිළිබඳව නොව, ඔවුන් මන්ද බුද්ධිකද, මෝඩද යන්නයි.
දිනෙන් දින ඇඳුම් මාරු කරන්නා සේ කාන්තාවන් මාරු කරන සංස්කෘතියක් නිර්මාණය කරගෙන ඇති රටක සිටින එකී සුදනන් කිසිවක් හරිහැටි නොදැන චිත්‍රපට, පොත්පත් රචනා කිරීම මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් බව බොහෝ කෙටි කාලයකදී ඔවුනට වැටහෙනු ඇත.
ඔබ මුහම්මද් නබිතුමාව හෝ ඔහු ගෙන ආ අල්ලාහ්ගේ ධර්මය විවේචනය කිරීමට මත්තෙන් මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ දිනකට විනාඩි 10ක් එ පිළිබඳව අධ්‍යයනය කරන ලෙසයි.
අති උත්තමයාණන් වන අප සැමගේ දෘෂ්ඨියේ සංකේතය වන මුහම්මද් නබිතුමාව මෙලොවට අල්ලාහ් විසින් එවනු ලැබුවේ ස්වර්ගය නිරය තීරණය වන ජීවිතය නැමැති විභාගය (මෙය උපමාවක් නොව සත්‍යයි) සාර්ථකව සමවත් වන ආකාරය අපහට ඉගැන්වීමටයි. එ සඳහා ඔහුගේ කාලය, ශ්‍රමය, ජීවිතය වැය කළේය. අල්ලාහ්, ඔහුට, ඔහුගේ ඉගන්වීමේ කි්‍රයාවලිය සාර්ථකව නිම කිරීමට උපකාර කළේය. ඔහු පෙන්වා දුන් මාර්ගය ඔස්සේම යාම මුස්ලිම්වරයෙකුට අනිවාර්ය දෙයකි. එම යහමාර්ගය ඔස්සේ ගමන් කර විනිශ් චය දිනයේත් ස්වර්ගයේත් අපගේ උත්තමයාණන් සමග එක්ව සිටීමේ භාග්‍යය උදා කරගැනීමට සැමටම හැකිවේවා.
ඉන්ෂාඅල්ලාහ්