ශෛතාන්ගෙන් ආරකෂා වීම
ශෛතාන්ගෙගේ විනෝදාංශය වනුයේ මිනිසුන් නොමග යැවීමයි. මිනිසුන්ගේ වගකීම වනුයේශෛතාන්ගේ කි්‍රයාවලින් (පවිවලින්) වැළකී අල්ලාහ් දෙවිඳුන් නැමදීමයි.
—අල්ලාහ් දෙවිඳුන් හැර නැමදීමට සුදුස්සෙක් නොමැත. මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ආශිර්වාදය ලැබේවා) ඔහුගේ දූතයාය.˜ (කලිමා ෂහාදත්)
ඉහත පාඨය පිළිපදින මුස්ලිම්වරුන් වන අපහට අල්ලාහ් විසින් අගනා ජීවිතයක් ලබාදී ඇත. නමුත් අපගේ මෙම ජීවිතය සථීර එකක් නොවේ. එය තාවකාලිකය. මෙලොව සැප සම්පත්ද ස්ථීර නොවේ. මිනිසා තම නිවසින් බැහැරව වෙනත් ස්ථානයක රැඳී සිට නැවත මෙම ස්ථීර නිවසට පැමිණේ, මෙය උදාහරණයකි. එනම්, තාවකාලික ස්ථානය මිනිසාගේ මෙලෝ ජීවිතයය, ස්ථීර නිවාස අපගේ එලොව (ස්වර්ගය, අපාය) ජීවිතයයි.
ඉහත සඳහන් ස්වර්ගය හෝ අපාය තම තමන්ගේ කි්‍රයාවන් අනුව ඔවුනට පිරිනැමේ. වර්තමාන සමාජය දෙස බැලූවිට, සිදුවෙමින් පවතින කි්‍රයාවන් අනුව මිනිසාගේ මනසට මෙම කරුණුු පිළිබඳව බලපෑමක් ඇතිවී නොමැති බව පෙනී යයි. විද්‍යාවේ දැනුම පසුපස හඹායන මිනිසාගෙන් තම ආගමික දැනුම ගිලිහී ගොස් ඇත.
මෙවන් සමාජයක සත්‍යදහම අවබෝධ කර ගනිමින් සැබෑ මුස්ලිම්වරයෙකු වීම අප කාගෙත් වගකීමවේ.
ශෛතාන්ගෙන් පෙළඹවීමෙන් මිනිසා වරදට හසුවන බව නම් සැබෑවකි. නමුත්, එය වැරදි බව වටහාගෙන එයින් වැළකී අල්ලාහ් දෙවිඳුන්ගෙන් සමාව අයැද, යලිත් එම වැරැද්ද සිදු නොවීමට වගබලා ගැනීම නියම මුස්ලිම්වරයෙකුගේ ගති ලක්ෂණයයි. අප සැමගේ බලාපොරොත්තුව වන ස්වර්ගය කරා යෑම සඳහා සෑම මුස්ලිම්වරයෙකුම අදිටන් කරගත යුතුය. උත්සාහ කළ යුතුය. අල්ලාහ්ගෙන් අයැදිය යුතුය.
මෙලොව තාවකාලික දේවල් අතහැර අල්ලාහ් දෙවිඳුන් ලබාදෙන ස්ථීර නිවස වන ස්වර්ගයට පිවිසීමේ භාග්‍යය සෑම දෙනාටම උදාවිය යුතුය.
රෆීකා - කොළඹ-05