මිනිසාගේ යථාර්ථ ක්‍රියාවලිය -ඉස්ලාමිය ප්‍රතිපදාව කෙරෙහි මිනිසාගේ උවමනාව .
මිනිසා විසින් නිර්මාණය කරන ලද නිර්මාණයන්හට පවා මෙසේ අරමුණක් වූ ක්‍රියාවලියක් වේ නම්,මෙලොව නිර්මාණය වූ මහගු නිර්මාණයක් වන මිනිස් වර්ගයාගේ ක්‍රියාවලිය කෙසේ විය යුතු යැයිඅප තුලින්ම ප්‍රශ්න කල යුතුව ඇත.සර්වබල දෙවියන් වන අල්ලාහ් මිනිසාට ඥානය,ශ්‍රවනය,බැල්ම හා විමසුම වැනි අනුග්‍රහයන් ලබා දී හොද නරක පහදා ස්වෛරී ස්වාධීනත්වයෙන් ක්‍රියාකිරීමේ කෞශලයද පිරිනමා ඇති උදාර අන්දමින් මිහිමිට නිර්මාණය කළේය.
