ඉස්ලාමය හා සෞඛ්‍ය
"පිරිසිදුකම ඊමානයේ අඩකි." යන්න ඉස්ලාමිය දේශනාවකි.මෙම පවිත්‍රභාවය යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හේතුවන බව විශේෂයෙන් කිව යුතු නැත. ආහාර ගැනීමේදී නබි (සල්) තුමාණන් අපහට පෙන්වා දුන් යහපත් සිරිත් විරිත් නවීන වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ වලින් පවා සනාථ වී ඇත.මෑතක්වනතුරුම නිශ්චිත හේතුවක් පවා සොයා ගැනීමට නොහැකි වූ මිනිසාගේ ආහාර මාර්ග ආශ්‍රිතව හට ගන්නා Irritable bowel sydrome නැමති රෝගය පාලනය කිරීමට මෙම ක්‍රමය මහෝපකාරී වී ඇත.
නබි තුමා දිනකට ආහාර වෙල් දෙකක් ලබා ගත් බවද එයින් දෙවෙනි ආහාර වෙලා මහ්රිබ් හා ඉෂා සලාත් අතරතුර කාලයේදී ලබා ගත් බව සදහන්ය. ඉහත රෝගී තත්වය පාලනය කිරීමට පරීක්ෂණ මගින් හෙළිවී ඇත්තේද මෙම ක්‍රමයයි.
රටඉදි යනු ඉස්ලාමිය ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් හිමි වන ප්‍රනීත පලතුරකි.මෑතකදී පෝෂණ විද්ඥයින් සිදුකල අධ්‍යයන වලදී හෙළි වී ඇත්තේ එය විශාල පෝෂ්‍ය කැලරි ප්‍රමාණයක් සහිත පළතුරක් බවයි.මේ අනුව විශේෂ අවස්ථාවලදී නිදසුනක් ලෙස රාමලාන් මස උපවාස ශිලයෙන් මිදෙන විට මෙවන් ශක්තිය අධික ආහාර ලබා ගැනීම කෙතරම් විද්‍යාත්මක වේද ?

උපවාස ශිලය ආරක්ෂා කිරීමේදී සෛල මතුපිට පිහිට ඇති ඉන්සයුලින් හෝමෝනය ක්‍රියාත්මක වී ප්‍රතිග්‍රාහක සංඛ්‍යාව වැඩි වන අතර ඒවායේ කාර්යක්ෂම භාවයද වැඩිවෙන බව පරීක්ෂණ මගින් හෙළිවී තිබේ. මෙමගින් අතිශය භයානක සංකුලතා ඇති කළ හැකි දියවැඩියා රෝගයද පාලනය කළ හැකිය.එසේම මේදය නිසා හෘදයේ කිරීටක ධමනි අවහිර වීමෙන් ඇති විය හැකි රෝගී තත්ත්ව වලක්වා ගත හැක. ඉහත කරුණු අනුව නබි තුමාගේ ජිවන රටාව පිලි පදින්නේ නම් ,සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් සදහා අමතර වෙහෙසක් ගැනීම කිසිසේත් අවශ්‍ය නැත.