ප්‍රාර්ථනාවන් ඉටු නොවන්නේ ඇයි ?

දිනක් හසරත් ඉබ්රාහීම් ඉබ්නු අද්හම් (රහ්) තුමා වෙතට පැමිණි පිරිසක් හසරත් තුමනි, අප අල්ලාහ්ගෙන් අපගේ ප්‍රාර්ථනා ඉදිරිපත් කළත් ඒවා ඉටුනොවන්නේ මන්දැයි කරුණු විමසා සිටියහ. එවිට ඉබ්රාහීම් තුමා, ඔබලා සතුව අඩුපාඩු 8ක් පමණ තිඛෙනවා. එයින් ඔබලාගේ මනස (සිත) මියැදී ඇත. එම නිසා ඔබලා අල්ලාහ්තආලාගෙන් ඉල්ලන දුආ ප්‍රාර්ථනාවන් ඉටු නොව න්නේය යැයි කීය. එනම් -
1. අති ශ්‍රේෂ්ඨ අල්ලාහ්තආලා කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත බව හා දෙවියන් සදාතනික සත්‍යයක් බව දැන සිටින්නේය.නමුත්, එයට පටහැනිව අල්ලාහ්ගේ අණට කීකරු නොවී ක්‍රියා කරනු ලබන්නේය.
2. ශුද්ධ වූ අල්-කුර්ආනය පාරායනය කරනු ලබන්නේය. නමුත් එ අනුව අමල් (යහ ක්‍රියාවන්) නොකරන්නේය.
3. තම ජීවිතයටත් වඩා උසස් නබිතුමාණන් කෙරේ ඇල්මක් ආදරයක් තිඛෙන්නේ යැයි කියන්නේය. නමුත්, එතුමාගේ (ජීවිත කථා, කි්‍රයා අනුම කිරීම් යනාදියට අනුව) ජීවිතය අනුගමනය නොකරන්නේ ය.
4. දිනක මරණය පැමිණෙන බව තරයේ විශ්වාස කරන්නේය. නමුත් එයට අනුව ඉබාදත්හි (ක්‍රියාවේ) නොයෙදෙන්නේය.
5. ෂෙතාන් පරම විරෝධියෙකු බව පිළිගන්නේය. නමුත්, ඔහුගේ පැත්ත ගෙන ෙෂෙතාන් පෙන්වු මගෙහි ගමන් කරන්නේය.
6. අපායේ වේදනාවන්වලට බිය වන්නේය. නමුත්, එහි රැෙඳ න්නට අවශ්‍ය සියළු පාපී කි්‍රයාවන්වල යෙදෙන්නේය.
7. ස්වර්ගයට පිවිසීමේ භාග්‍යය ලැබිය යුතුයැයි ආශා කරන්නෝය. නමුත්, එයට අවශ්‍ය කි්‍රයාවන්හි, ඉබාදත්හි නොයෙදෙන්නේය.
8. අන් අයගේ වැරදි සොයන්නේය. නමුත්, ඔබ විසින් ඔබගේ වැරදි සඟවා ගනු ලබන්නේය.
මේ කරුණු නිසා අල්ලාහ් තම රහ්මතය පහළනොකරන්නේය. දුආ ප්‍රාර්ථනාවන් පිළිනොගන්නේය යැයි ඉබරාහීම් ඉබ්නු අද්හම් තුමා පැවසූහ.