Header Ads

  • Breaking News

    ඉහ්රාම් වැදගත් කරුණු හා තහනම් ක්‍රියා

    ඉහ්රාම් ගැන සමහර වැදගත් කරුණු :
    • හජ් සහ උම්රා හී යුතූකම් නියත් සමග ඉහ්රාම් පැළඳගැනීමෙන් ආරම්භවේ.
    • පිරිමි පාර්ශවයට පැහැදිලි විශේෂ වස්ත්‍රයක් තිබේ. වඩාත් උචිත නොමැසු සුදු රෙදි දෙකකි. පහළ කොටස ඉසාර් සහ ඉහළ කොටස රිදා යනුවෙන් හැදින්වේ.
    • සපත්තූ/සැඩළ/සෙරෙප්පු වලින් මැනික්කටුව නොවැසියයුතූය්. (ප්ලාස්ටික්ම වියයුතූ නැත. ලෙදර්(සම්) හෝ අන් ද්‍රව්‍යයෙන ් මසනුලැබු සපත්තූ හෝ සැඩළ ඳ ප්‍රශ්නයක් නැත.)
    • ස්ත්‍රී පාර්ෂවයට තමන්ට කැමැති ඔනෑම අදුමක් පැළදිය හැක. නමුත් එය ඉස්ලාමීය ඇදුම් සංකල්පයට ගැලපෙන ඇදුමක  විය යුතුය. ඕනෑම පාටක් විය හැක.
    • ඉහ්රාම් ඇදුම ඇදගත් විට පමනින්ම ඔබ ඉහ්රාම් තත්වයට පත්වන්නේ නැත. ඉහ්රාම් තත්වය වන්නේ ඔබ පූජාකර්ම තත්වයට කැපවීමය. සාමන්‍යයෙන් එය මීකාතයක සිට සිදුකරන්නකී.


    ඉහ්රාම්හි තහනම් ක්‍රියා:

    • පිරිමි මහනලද ඇදුම් නොපැළදිය යුතුය (උදාහරණයට කලිසම්, කමිස, ජැකට් වැන) . කාන්තා පාර්ෂය සුදුසු ඔනෑම අදුමක් වැළදිය හැක. නමුත් අත්මේස් සහ නිකාබ් නොපලදීය යුතුය.
    • සුවඳ විලවුන්, සුවඳ තවාපු ඇදුම්, හෝ සුවඳ තවාපු කිසිඳු ද්‍රව්‍යයක් (සුවඳ සබන්, ෂැන්පු) භාවිතා නොකල යුතුය. එසේම සුවඳවත් ආහාරපානද නොගත යුතුය.
    • තමාගේ හිසකෙස හෝ නියපොතූ කැපිය යුතුය.
    • විවාහ වීම, තවත් කෙනෙක් දීග දීම හෝ විවාහ යෝජනා නොකල යුතුය.
    • අඹුසැමි සංවාසයේ නොයෙදිය යුතුය.
    • අඹුසැමි අතර ලිංගික රාගය ඇවිසෙන කිසිම දෙයක් නොකල යුතුය.
    • දඩයම් කිරීම හෝ එයට කිසිසේත් හවුල් නොවිය යුතුය (මාලුබෑමට අවසර තිබේ).
    • අල්ලාහ්ට අකීකරු කිසි ක්‍රියාවක් (දුම්බීම වැනි) නොකල යුතුය.
    • ආරාවුල්, අනවශ්‍ය සල්ලාප, කොලහාල,සංඩු දඹර වලට හවුල් නොවිය යුතුය.
    • හරම් මායිම තූල ගස් කොලන් නොකැපිය යුතුය (ඉහ්රාම් හෝ ඉහ්රාම් නොමැති අවස්ථවල වීවද. වැටී තිබෙන යමක් ඇහිදිය නොයුතූය.)
    • පිරිමි පාර්ෂවය හිස් ආවරනයකින් (තොප්පියක්,ටඅබන් එකක් වැනි දෙයකින්) තමන්ගේ හිස ආවරනය නොකල යුතුය.

    Post Top Ad

    Post Bottom Ad