Header Ads

  • Breaking News

    ත්‍රස්තවාදය පිළිබඳව ඉස්ලාමය කුමක් පවසයිද?


    ඉස්ලාමය යනු කරුණාවෙහි ධර්මයක් වන අතර, එය ත්‍රස්තවාදය අනුමත නොකරයි. කුර්ආනයෙහි දෙවියන්වහන්සේ මෙසේ පවසා ඇත:

    සත්‍යමාර්ගය උදෙසා ඔබට විරුද්ධව සටන් නොකළ අය කෙරෙහිද නුඹලාගේ ගෙවල්වලින් නුඹලාව පිටුවහල් නොකෙරූ අය කෙරෙහිද කරුණාව දැක්වීම හා ඔවුන් සමඟ සාධාරණව හැසිරීම දෙවියන්වහන්සේ වලක්වන්නේ නැත. දෙවියන්වහන්සේ සාධාරණවන්තයින් ප්‍රිය කරයි. (අල් කුර්ආනය 60:8)

    වක්තෘ මුහම්මද්(සල්) තුමාණන් යුධ බටයන්ට කාන්තාවන්ව හා දරුවන්ව මැරීම තහනම් කළහ. එසේම එතුමා ඔවුන්ට මෙසේ උපදෙස් දෙන ලදි. (පාවා නොදෙන්න,අසාධාරණ නොවන්න, අළුත උපන් දරුවන් නොමරන්න) එසේම, එතුමාණන් මෙසේද පවසා ඇත. (මුස්ලිම්වරුන් සමග ගිවිසුමකට එළඹ සිටින පුද්ගලයෙකුව මරා දමන කිසිම අයෙකුට ස්වර්ගයෙහි සුවඳ, එය හතලිස් වසරක් දක්වා පැවතියත්, ආග්‍රාහනය නොකරනු ඇත.)


    දෙවියන්වහන්සේ විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඉන්ජීල් නම් වූ ශුද්ධ වූ ග්‍රන්ථයක් හෙළිදරවු කළ බවත් එහි අඩංගු වූ සමහර කරුණු හා දෙවියන්වහන්සේගේ අනුශාසනාවන් දැනුදු නව තෙස්තමේන්තුවේ දක්නට ඇති බව මුස්ලිම්වරුන් විශ්වාස කරයි. නමුත් මෙයින් කියවෙන්නේ මුස්ලිම්වරුන් අද දක්නට ලැඛෙන බයිබලය විශ්වාස කරන බව නොවේ. ඒ මන්දයත් අද දින අප සතුව ඇති බයිබලය දෙවියන්වහන්සේ විසින් පහළ කරන ලද ශුද්ධ වූ ධර්ම ග්‍රන්ථයෙහි සත්‍ය පිටපතම නොවේ. එය වෙනස්කර, එයට අළුත් තොරතුරු එක්කොට හා තිබුන තොරතුරු ඉවත්කොට ද වෙනසකට භාජනය කොට ඇත. ශුද්ධ වූ බයිබලයෙහි සංශෝධනයන් :(The Holy Bible - Revise Standerd Virsion) සිදුකිරීමට පත්කර ඇති කමිටුව මගින්ද මෙය ප්‍රකාශයට පත්කොට ඇත. මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස විද්වතුන් තිස්දෙනෙකුගෙන් සමන්විත විය. එයට සංයෝගය දක්වන ආගමික නිකායයන් වල නියෝජිතයින් තිස්දෙනෙකුගෙන් සමන්විත වූ අනුශාසක මණ්ඩලයක සහයෝගය හා උපදෙස් මේ සදහා ලබාගන්නා ලදී. මෙම කමිටුව (The Holy Bible - Revise Standerd Virsion) එහි පෙරවදනෙහි පිටු අංක IV හි ප්‍රකාශ කරන ලද්දේ —සමහරක් විට මෙම සත්‍ය තොරතුරු සම්ප්‍රේෂණයේදී හානියට පත්ව ඇති බව පැහැදිළි වන අතර කිසිඳු වෙළුමකින් එයට සතුටුදායක ප්‍රතිසංස්කරණයක් ලබා දෙන්නේ නැත. මෙහිදී අපට කළ හැක්කේ සුදුසු විද්වතුන්ගේ මතයක් වන මුල් කෘතියෙහි ප්‍රතිසංස්කරණයක් ලෙස වියහැකි යැයි අනුගමනය කිරීම පමණි. එසේම එම කමිටුව මගින් පෙරවදනෙහි පිටු අංක VII හි මෙසේද සඳහන් කොට ඇත. —අතීත බලධාරීන් විසින් සැළකිය යුතු වෙනස්කිරීම්, තොරතුරු එක් කිරීම හා තොරතුරු ඉවත් කිරීම් සිදුකර ඇති බවට සටහන් එහි ඇතුළත් කොට තිබේ. (Mt 9.34; Mk 3.16; 7.4; Lk 24.32, 51,……) බයිබලයේ වෙනස්කිරීම් පිළිබඳව වැඩි දුර තොරතුරු සදහාwww. Islam-guide.com/bible යන වෙබ් අඩවියට පිවිසෙන්න.


    එසේම, වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් ගින්දර යොදාගෙන දඩුවම් කිරිම තහනම් කොට ඇත.එතුමාණන් වරක් මීනී මැරීම මහා පාපයන්ගෙන් දෙවැන්න බවට,ලැයිස්තුගත කළ අතර (විනිශ්චය දිනයේදී මිනිසුන් අතර පළමුවෙන්ම විනිශ්චය කරනු ලබන්නේ ලේ වැගිරීම් පිළිබඳවයි,යනුවෙන්ද අනතුරු ඇඟවූහ.)
    මුස්ලිම්වරුන්ව සතුන්ට පවා කරුණාවන්ත වීමට දිරිගැන්වුන අතර සතුන්ට හිංසා කිරීම තහනම් කරන ලදි. වරක් වක්තෘ මුහම්මද්(සල්) තුමාණන් මෙසේ පැවසූහ.
    කාන්තාවක් පූසෙකු මිය යනතුරුම ඌ සිර කොට තැබු බැවින් ඇයට දඩුවම් ලැබුණි. මෙම හේතුව මත ඇයව නිරයට නියම කරන ලදී. එම පුසා හිරකර තබාගත් කාලය. තුළදී ඇය එම පූසාට ආහාර පාන කිසිවක් නොදුන් අතර මහ පොළොවෙහි සිටින කෘමි සතුන් අල්ලා කෑමටද ඌව නිදහස් නොකළාය.

    එසේම එතුමා පැවසූ ආකාරයට, මිනිසෙකු අධික පිපාසයෙන් පෙළෙන බල්ලෙකුට පානයට යමක් දුන් බැවින් එම සත් ක්‍රියාව හේතු කොටගෙන දෙවියන්වහන්සේ ඔහුගේ පව් වලට සමාව දෙන ලදි. එවිට, වක්තෘ මුහම්මද්(සල්) තුමාගෙන් මෙසේ අසන ලදි. —දෙවියන්ගේ දුතයාණෙනි, සතුන්ට කරුණාව දැක්වීම සඳහා අපට යහඵල ලැබේද?˜ එවිට එතුමා, (සෑම සජීවි සත්වයෙකුටම හෝ මිනිසෙකුටම කරුණාව දැක්විම වෙනුවෙන් තිළිණ පවති) යැයි පැවසුහ.

    ඊට අමතරව ආහාරය සඳහා සතෙකු ජීවිතක්ෂයට පත් කිරීමේදි පවා මුස්ලිම්වරුන්ට අණකොට ඇත්තේ එය එම සතාට හැකිතාක් අවම බියක් හා අවම වේදනාවක් ඇතිවන ආකාරයකින් ඉටුකරන ලෙසයි. මුහම්මද්(සල්) තුමා පැවසූ ආකාරයට (ඔබ සතෙකු මස් කරන විට එය හොඳම ආකාරයට ඉටු කරන්න. සතාගේවේදනාව අවම කිරීම සඳහා ඔබගේ පිහිය හොදින් මුවහත් කරගන්න.)

    මෙම බ්ලොග් අඩවිය සේම අනෙකුත් සියළුම ඉස්ලාමිය ග්‍රන්ථ වලට අනුව අසරණ පොදු ජනයාගේ හදවත් තුළ ත්‍රස්තවාදි හැගිම් ඇවිස්සීම, මහා පරිමාණ ලෙසගොඩනැගිලි හා දේපළ වලට හානි කිරීම, බෝම්බ ප්‍රහාර එල්ල කරමින් අසරණ පිරිමින්, ගැහැණුන් හා ළමුන් අංග විකළ බවට පත් කිරිම යනාදිය ඉස්ලාමයෙහි හා මුස්ලිම්වරුන්ට තහනම් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවන් වේ. මුස්ලිම්වරුන් සාමය, දයාව හා සමාව දීමේ ගුණයන්ගේ යුත් දහමක් අදහන අතරම සමහරුන් මුස්ලිම්වරුන් සමග ඈඳා කතා කරන ආකාරයේ කිසිඳු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සමග කිසිඳු සබඳතාවයක් අති බහුතර මුස්ලිම්වරුන්ගේ නොමැත. යම්කිසි මුස්ලිම්වරයෙකු තනිවම හෝ කිසිඳු ත්‍රස්ත ක්‍රියාවක නිරත වේ නම් එම පුද්ගලයා ඉස්ලාමීය නීතින් උල්ලංඝනය කිරීම පිළිබඳව වරදකරු බවට පත් වේ.

    Post Top Ad

    Post Bottom Ad